රොෂාන්ගේ දිගට සජිත්ලාත් වරපට සකසා ගැනීම – නිශ්මං රණසිංහ

 

මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම දේශපාලනයට ද තීරණාත්මකය.දේශපාලන වශයෙන් ගත් විට ක්‍රීඩා සරුංගලයක නූලේ එල්ලී අහසට යන්න සූදානම් වන සජිත් ප්‍රේමදාස මහතා අඩුම තරමේ ඔහුගේ පක්ෂයට සම්බන්ධ ඊ පුවත්පත විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැසිරීම නිසා ක්‍රීඩාවට අත් වී තිබෙන ඉරණම හෝ කියවාගෙන නැත.

මහා මුදල් ධනස්කන්ධයක් ගැවසෙන ක්‍රිකට් සමඟ විපක්ෂ නායකතුමා සහ සජබෙ ඇති කරගෙන තිබෙන පක්ෂපාතීත්වය ඉහතින් කී පරිදි එම පක්ෂය ක්‍රිඩා අමාත්‍යවරයා ගැන, එළි දැක්වූ කරුණුවලට හාත් පස වෙනස්ය.අඩුම තරමේ තමන්ගේ පක්ෂයෙන් පාක්ෂිකයා වෙත නිකුත් කරන තොරුතුරු හෝ පරිශිල්නය නොකර සජබ නායකත්වය සහ එම මහජන නියෝජිතයෝ රැඟෙන යන රොෂාන් රණසිංහ වන්දනාව නිවැරදිම ආණ්ඩුවේ ඇමතිවරයෙක් සම්බන්ධයෙන් කරන ලද විවේචනවලට එරෙහිව කරන සමාජ භජනය කිරීමක්ය.මීට පෙර ද රොෂාන් රණසිංහ මැතිතුමා මේ මොහොතේ හිස් තර්ක ගෙන එමින් පාපන්දු සහ රගර් ක්‍රීඩා තහනමෙන් සිය වගකීමේ දෑත් සෝදා ගන්නට හැකි තරම් උත්සාහ කළ ද,එම සංගම් ද ජාත්‍යන්තර වශයෙන් තහනම් කළේ මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේම තීරණ නිසා බව balawegaya.lk හරහා පිවිස මාසික පුවත්පත නැරඹීමෙන් පමණක් වටහා ගන්නට හැකිය.

ඇති වී තිබෙන තත්ත්වයට අනුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙන්ම සජබ දේශපාලකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් හැසිරෙන්නේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් බැඳ දමා ඇති කඹේ දුරට මෙන් විම කණගාටුවට තත්ත්වයකි.

අද සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අයිසීසී ය විසින් අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි කිරිම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙති වගකීම පවරමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ප්‍රශ්න කළ යුතු බව පැවසීය.එම ප්‍රකාශයෙන් එක් ආකාරයකින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අයිසීසී ය සමඟ ගනුදෙනු කිරීමට ඇති හැකියාව පාර්ලිමේන්තුවට හෝ ක1ිඩා ඇමතිට නැති බවය.ඊට හේතුව අයිසීසී ය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතට අඩංගු නැති ආයතනයකි.ඒ නිසාම අයිසීසි ය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලන බලපෑම් ඇති බව කියා තහනම් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම මේ වන විටද විපක්ෂ නායකවරයා ද සිය පාර්ලිමේන්තු වරප්‍රසාද ද භාවිතා කරමින් ඔප්පු කරමින් සිටීම එම තහනම ඉවත් කර ගැනීමට බාධාවක් විය හැකිය.
වහාම අප මීට පෙර ද යෝජනා කළ පරිදි ජාත්‍යන්තර ක්‍රිඩා සංගම්වල නීතිමය පද්ධතිය හදාරා ජාතික ඔල්මිපික් කමිටුවේ සහයෝගයෙන් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ නීති සම්පාදන අංශය සමඟ එක් වී රටටත්,ලෝකයටත් වගකියන ක්‍රීඩා පණතක් ශ්‍රී ලංකාවට සකසා ගැනීමේ අවශ්‍යයතාවය මේ වන විට ඔප්පු වී ඇත.එම තත්ත්වය සාධනීය ලෙස ප1යෝජනයට ගෙන දේශපාලනය කිරීමට යාම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටේ ආර්ථිකයට සහ පුරවැසියාට ද දැනෙන තත්ත්වයක් බව තේරුම් ගැනීම වැදගත්ය.

විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ මීට පෙර ද අතුරු කමිටු මඟින් මේ රටේ ක්‍රිකට් පාලනය කරමින් ලෝක මට්ටමේ තරගාවලි පවත්වා ඇති බවය.අහඹු ලෙස තෝරා ගත් කාරණා තිහිපයක් අතුරු කමිටු සමඟ ක්‍රිඩා කිරීම ගැන විපක්ෂ නායකවරයාගේ අවධානයට යොමු කරනු කැමත්තෙමු.ඔහු පවසන 1999 අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී මහා විශාල ධනයක් කදිරාන ක්‍රිඩාංගණය වෙනුවෙන් වැය විණි.අතුරු කමිටුවට එම ක්‍රිඩාංගණය තරගාවලියට සූදානම් කර ගැනීමට නොහැකි වීමෙන් තරගය දිනයේ කණ්ඩායම් එහි යවා නැවත පොලිස් ක්‍රීඩාංගණයට ගෙනවිත් තරග පවත්වන්නට සිඳු විය.එහි වැඩ පිළිවෙල නිසා වර්ෂාවෙන් වන බාධා මැදින් සුපිරි පිතිකරණයක් පෙන්නුම් කළ පසුව දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට නායකත්වය දුන් ග්‍රෙහැම් හික් නියෝජනය කළ කණ්ඩායමට වර්ෂාව නිසා තරග අවසන් නොකර,තීරණ රහිතව තරගාවලියෙන් එළියට යන්නට සිදුවීම එවකට ලෝකයේම අවධානය දිනූ කාරණයක් විය.

ශ්‍රී ලංකාව 2011 සත්කාරකත්වය දැරූ අවස්ථාවේ දී ලෝකයේම අවධානය තරගාවලි සංවිධානයේ දූෂණය වෙත යොමු විය.නමුත් ඒවා පරික්ෂා කරන්නට ඉඩක් නොතබා ගිණුම් ඇතුළත් පරිගනක දත්ත අතුරුදහන් වී තිබුණේ එම උපකරණ ද සමඟය.ඉනික්බිති 2016 දී ක්‍රිකට් ආයතනය නිලවරණයකින් පිහිටුවන විට එය පාඩු ලබන ආයතනයක්ව පැවති අතර දැන් එය ඩොලර් මිලියන 30 ට ආසන්න මුදලක ධනයක් ඇති ආයතනයක් වන අතර,2016 දී රොෂාන් රණසිංහ ක්‍රිඩා අමාත්‍යවරයා වූයේ නම් ඔහුට විශාලම හිසරදය වනුයේ පාඩු ලබන ක්‍රිකට් ආයතනය නඩත්තු කිරීමට නායකත්වය දීමය.එහෙත් දැන් තත්ත්වය වී ඇත්තේ ලබා තිබෙන ධනයෙන් සියයට 20 ක් නොදීමය.
මේ කිසිවක් මේ මොහොතට අදාළ නැත.ශ්‍රී ලංකාවේ ක්‍රිඩා පණත ජාත්‍යන්තර සංගම් සම්මේලනවල නීතියට වඩා වෙනස්කම් ඇති එකකි.එසේම රටේ වෙනත් නීතිමය කාරණා සමඟ ද අභියෝගයට ලක්විය හැකි දුර්වලතා අඩංගු එකකි.අමාත්‍යවරයා 32 සහ 33 ලෙස පවසමින් ගනු ලබන තීරණ ජාත්‍යන්තර පිළි නොගන්නේ සහ නැවත් ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීම සඳහා, පිළි නොගත් දේ පිළිගන්නට වන්නේත්,ගත් ක1ියාමාර්ග ඉල්ලා අස් කර ගන්නට වන්නේත් මේ පණත සවිමත් නොවීමය.එහි ඇති දුර තේරුම් නොගෙන අවිදින්නට යාමෙන් සිඳුවන හිරවීමට මුහුණ දුන් සහ දැන් ද මුහුණ දී සිටින ක්‍රීඩා අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාට සහ එම කණ්ඩායමට ද දමා ඇත්තේ ඒ දුරම යා හැකි වරපටක් පමණි.

දේශපාලනයේ මොහොතක සංතෘප්තිය පතා කරන මේ කාර්යය නවතා රටේ පොදු ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා ක්‍රිඩා පණත ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත හැකි ආකාරයට සංශෝධනය කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව හා සාකච්ඡා කරන්නට විපක්ෂයට වුව මැදිහත් විය හැකිය.1973 න් පසුව ලංකාවේ වෙනස්කම් සිඳු වූ නීතිමය කරුණු සමඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රඩාවන්ට බලපාන නව නීති රෙගුලාසි සමඟ ද නොගැලපෙන තත්ත්වයක ශ්‍රී ලංකාවේ ක්‍රිඩා නීතිය ඇති බව තේරුම් ගැනීමට විපක්ෂ නායකවරයාට හැඟී යන්නේ නම් එය මේ මොහොතේ රටට වැදගත් වනු ඇති බව පැහැදිළිය.ක්‍රීඩා ඇමතිවරයා බැදි සීමාවේ සිටින තාක් එය නොපෙනෙන බවද අපි දනිමු.

විපක්ෂනායකවරයා රාජපක්ෂ පවුලේ අයට මෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් සහ පී.බී.ජයසුන්දරට ලැබුණු නිර්භිත නඩු තීන්දුව ක්‍රියාත්මක නොවිම ගැන විපක්ෂයේ හිංසා කිරීම් මැද කතා කරන්නට ප්‍රශ්න කරන අතරේම දේශපාලන ඉතිහාසය තුළ ඔවුන්ගේ පාලනය යටතේ පැවති දේශපාලන අධිකාරිය විසින් පත් කළ අතුරු කමිටු ලෝක කුසලානයක් කර ගිණුම් සොයාගත නොහැකි අන්දමට සැඟ වූ බව ද,ඒවා අතුරු කමිටු විසින් බිලයන ගණනක ණයක් ඇති තැනක් බවට ක්‍රිකට් පරිපාලනය පත් කළ බව ද අමතක කරන්නේය.එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නායකත්වය දෙන්නට පත් කළ අයගේ ඉතිහාස කතා ක්‍රීඩාව මෙන්ම පරිපාලනය තුළ ද කීර්තියට පමණක් සීමා නොවුණු ඒවා බව ද විපක්ෂ නායකවරයාට අමතක වීම කණගාටුවට කරුණකි.

නිශ්මං රණසිංහ

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *