|

චීන ණය ගැන එකඟතාවය ඉතා වැදගත් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර්

 

ශ්‍රී ලංකාව සහ චීන අපනයන ආනයන බැංකුව අතර මෙරට චීන ණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය.

නිල ණය හිමියන් සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමට සූදානම් බව පීටර් බෲවර් මහතා පෙන්වා දුන්නේය.

එසේම ශ්‍රී ලංකාවට අනුමත කළ මුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදු කළ පළමු සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ලබන මස 6 වැනිදා වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ(22) වාර්තා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ණය මුදලේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *