|

ශ්‍රී ලංකාවේ බන්කොලොත්බව දෙසැම්බර් 6 දා අවසන් ?

 

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකීම දෙසැම්බර් 6 දා වන විට අවසන් වෙතැයි රජය අපේක්ෂා කරන බව රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි.

මෙරට විදේශ ද්විපාර්ශවික ණය ප්‍රතොව්‍යුහගත කිරීමේ සැලසුමට ඒ වන විට සියලු පාර්ශවවල එකඟතාව ලැබෙනු  ඇතැයි කියති.

චීනයේ  එක්සිම් බැංකුව සමග මේ වන විට එකඟත්වයකට පැමිණ ඇති අතර එම එකඟත්වය එනෙකුත් ණය හිමියන්ට ලබා දී තිබේ.

ඒ අනුව සියලු ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

එම ණය ප්‍රතිව්යුජගත කිරීමත් සමග ශ්‍රී ලංකාවේ බංකොලොත් ලේබලය ඉවත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *