|

මෙවර අයවැයේ ඓතිහාසික තීන්දුව ‘සින්නක්කර ඉඩම් අයිතියයි’ – දුලාන් දසනායක 

මෙවර අය වැය යෝජනාවලිය තුළ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කරන රජයේ ඉඩම් පුද්ගලික අයිතියට නිදහස් කිරීමේ යෝජනාව ඉතා වැදගත් සහ කාලීන යෝජනාවක් බව දේශපාලන විශ්ලේෂකයකු වන නීතිඥ දුලාන් දිසානායක පවසයි.

Right to life Human Rights Center හි නීති අධ්‍යක්ෂ වරයා වන දුලාන් දිසානායක එබව සඳහන් කර ඇත්තේ, Aithiya Media යු ටියුබ් නාලිකාව වෙත අදහස් දක්වමිනි.

අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම ලංකාවේ වෙනම සාකච්ඡා කල යුතුකරුණක් වුවත් මෙම යෝජනාව මතාවාදයක් ලෙස ඉතාම වැදගත් එකක් බව පවසන දුලාන්, මෙම යෝජනාව තුළ මෙතෙක් පැවැති රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මාදිලිය වෙනස් කරමින් ධනේෂ්වර ආර්ථික සංවර්ධනය කරා යොමු වීමේ පියවරක් පෙන්නුම් කර ඇතැයි පවසයි.

” මිනිසුන්ට දේපළ අයිතිය ලබා දීම මානව අයිතිවාසිකමක්. 1658 ඉංග්‍රීසි විප්ලවයේ සටන් පාඨ වුනේ ජීවිතය, නිදහස සහ දේපළ අයිතිය ලබා දීමයි. දේපළ අයිතිය ලබා දුන් පසු තමයි ආර්ථික වශයෙන් ඉදිරියට යාමට හැකියාව ලැබුනේ.”

”රජ්ජුරුවන්ට නැත්නම් රාජ්‍යයට ඉඩම් හිමි විය යුතුයි යන්න පැරණි වැඩවසම් අදහසක්. ඉඩම් අයිතිය ලබා දීම මගින් ගොවි ජනයා ඇතුළු ග්‍රාමීය ජනයාගේ ස්වාධීනත්වය සහතික වෙනවා. ඉඩම් සදහා ආයෝජන අවස්ථා විවර වෙනවා, නව තාක්ෂණය ඉඩම් සදහා ඇතුල් වීමට ඇති බාධා ඉවත් වෙනවා.”

”ආර්ථික ස්වාධීනත්වය සහ සංවර්ධනය කරා යන ගමනේදී මෙය ඉතා වැදගත් පියවරක්”

The Leader 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *