හිටපු ජනාධිපතිවරයා හිතුවේ යුද්ධය විකුණාගෙන දීර්ඝ කාලයක් බලයේ ඉන්න – ප‍්‍රවීන මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන්.

අද වෙන විට රටේ ආර්ථිකය අවුල්වෙලා තියෙනව. හැම දෙයකම අවුල් සහගත විකෘත්ති තත්ත්වයකට පත්වෙලා තියෙනව. අපි බැලූවොත් හැම දෙයක්ම අවුලක් වෙලා තියෙන්නෙ ඇයි කියලා, ඒකට බලපාපු හේතු මොනවද? මේ කතාවෙ නියම තැන හොයාගෙන යනවා නම් අපිට මතක් වෙනවා, අවුරුදු 30ක් මේ රටේ කෙළවරක් නැති තරමට ලේ වැක්කෙරුණා. අපි දන්නවා ඉතාම කුරිරු හිංසා සහගත දීර්ඝ කාල පරිච්ෙඡ්දයකයි අපිට ජීවත් වෙන්න සිද්ධ වුනේ. අවම වශයෙන් මිනිස්සු ලක්‍ෂයක් මරුණා. ඒ සංඛ්‍යාව ලක්‍ෂයක් වශයෙන් සලකනකොට ලංකාවේ වැඩිහිටි ජනගහනෙයෙන් 18%ක් මියගොස් තිබෙන බව සඳහන් වෙනව. ඒ මියගිය අය අතර අපි දන්න අපේ යාළුවො, අපි දන්න අය, ඒ අයගෙ මාපියන්, සහෝදරයන්, නොයෙකුත් අය මියගිහින් තියෙන්න පුලූවන්. ඇත්තටම මේ දේවල් ඉතාම තුච්ච, මිලේච්ච සහගත දේවල් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. මේවා අපිට ඉක්මනින් අමතක කරන්න පුලූවන්වුණත්, අපි දන්නවා මෑත කාලයක හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු මරලා, ඔවුන්ගේ සිරුරු විකෘති කරලා ප‍්‍රදර්ශනය කෙරුව. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගෙ බෙලි කපල කෝටුවල ගහල ප‍්‍රදර්ශනය කරපු අවස්ථා තිබුණ.
මේ සමාජය නිදහසේ ඉඳලම වැරදි ගමන් මාර්ගයක ආවෙ. මේ මහා විනාශයක් ඇති වෙන්න දෙන්නෙ මේ ප‍්‍රචණ්ඩ තත්ත්වය තුළින් ඇති වූ තත්ත්වය තුළින්. මේ ප‍්‍රචණ්ඩ ගැටුම් ආරම්භ වුනේ, සිංහළ දකුණෙ. අවසන් වුනේ දෙමළ උතුරෙන්. දකුණෙ දකින්න තියෙන හැම ලක්‍ෂණයක්ම උතුරෙත් තිබුණ. උතුරෙ දකින්න තිබුණ හැම ලක්‍ෂණයක්ම දකුණෙත් තිබුණ. ඇත්තටම මේක මහා ප‍්‍රචණ්ඩ ප‍්‍රවාහයක් ලෙස සැලකුවොත්, මේකට අහුවෙච්ච බොහෝ දේවල් මුළුමනින්ම විනාශ වුණා. විනාශ නොවී ඉතිරිවෙච්ච මොනයම්ම හෝ දේවල් තිබුණ නම්, ඒ හැම දෙයක්ම විකෘති වුණා. මිනිස්සු ලක්‍ෂයක් කායික වශයෙන් මැරෙණකොට, ඉතිරි ජීවත් වෙච්ච මිනිස්සු අධ්‍යාත්මික වශයෙන් මැරුණා. අධ්‍යාත්මක වශයෙන් මළ සමාජයක් අපිට උරුම වුණා. එතනින් එහාට ගියොත් මිනිස්සු නොවන දේවලූත් විකෘති වුණා. ¥ෂිත වුණා. ජරපත් වුණා. අපි දන්නවා මේ රටේ මේ සිද්ධීන්ට එරෙහි දෙවිදේවතාවුන් හිටිය නම්, ඒ ගොල්ල සේරම මේ කාලේ දේවත්වය අත් හැරිය. සමහර වෙලාවට ඒ ගොල්ල පේරේතයො, කුම්භාණ්ඩ වෙස් අරගෙන ඒ තැන්වල ලැගුම් ගත්ත. මේ රටේ මහජනයා සමහර වෙලාවට වන්දනා කරන්නෙ ඒ අය. ඒ වගේම මේකෙ විකෘති වෙච්ච වැදගත්ම අංශයක් තමයි රාජ්‍ය සහ රාජ්‍ය ආයතන. අපි රාජ්‍ය ආයතන දිහා බැලූවම අද ලංකාවෙ එක ආයතනයක්වත් ඉතුරු නොවී හැම එකක්ම ජරපත් වෙලා තියෙනව, ¥ෂිත වෙලා තියෙනව, කුණු වූ තත්ත්වයකට පත්වෙලා තියෙනව. අපේ රාජ්‍යයත් කොල්ලකාරී, භිහිසුණු, අමානුෂික රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනව. අනුකම්මා විරහිතව මිනිස්සු මැරුව.
මේ අර්භුදය දිහා බැලූවම අපිට පේනවා, අභ්‍යන්තර යුද්ධය අවසන් වෙන කොට, ඉතිරි වුණේ සුන්බුන් ගොඩක්. මිනිස් සමාජය විකෘති කෙරුව. එහෙම නැත්නම් අධ්‍යාත්මික වශයෙන් කවර ප‍්‍රමාණයකට හරි මරණයට පත්වෙලා හිටිය. අපි දන්නවා දවසක දෙකක ගංවතුරක් ගැලූවත්, ඒ ගේ හෝදලා මිසක් පදිංචි වෙන්න බෑ. සිරිතක් හැටියට ඒ ගේ හෝ්දනව. දවස් දහයක පහළවක විස්සක දීර්ඝ ගංවතුරක් තිබුණොත් ඒ ගේ හොඳටම හෝදන්න වෙනව. කැඩිච්ච තැන් තියෙනව නම් ඒ තැන් ප‍්‍රකෘත්තිමත් කරන්න වෙනව. මේ යුද්දය අවසන් වුණාට පස්සේ අද දක්වාම අපි ඉදිරියට යමින් තියෙන්නෙ, මේ සුන්බුන එක්ක, මේ කිසිම දෙයක් ප‍්‍රකෘතිමත් කරන්නේ නැතුව.
හිටපු ජනාධිපතිරයා අභ්‍යන්තර යුද්ධය ජය ගත්තා. එයා කල්පනා කෙරුවෙ නෑ මේ අවුරුදු 30කට පස්සෙ අපිට ඉතිරිවෙලා තියෙන්නෙ සුන්බුන් වෙච්ච රටක් කියල. එයා සමාජය දිහා බැලූවෙ නෑ. එයා හිතුවා යටිතල පහසුකම් දියුණු කිරීම තමයි හොඳම දේ කියල. මිනිස්සු දියුණු කිරීම නෙමෙයි, මිනිසුන්ගෙ ඇති වූ වෙනස් වීම් ප‍්‍රකෘති කිරීම නෙමෙයි එයාට පෙනුනෙ. ආයතන තුළ ඇති වී තිබෙන පිරිහීම, ජරපත්වීම ජයගැනීම අවශ්‍ය දෙයක් හැටියට එයාට පෙනුනෙ නෑ. මේ යුද්ධය ජයගත්තට පස්සෙ ජනාධපතිවරයා හිතුවේ දීර්ඝ කාලයක් ඒ කාරණය නිසාම මට බලයේ ඉන්න පුලූවන් වෙයි කියල. එහෙම වුනේ නෑ. එයා අර්බූදයකට අහුවෙලා එයාට ගෙදර යන්න සිද්ධ වුනා. ඒක නිසා එහි ප‍්‍රතිපලයක් විදිහට අලූත් ආණ්ඩුවක් බලයට ආවා. ඒ අලූත් ආණ්ඩුවෙ නායකයින්ට දැක්මක් තිබුණා. රාජපක්‍ෂ පාලනය පරාජය කෙරුවා. දර්ශනයක් තිබුණා රාජපක්‍ෂ පාලනය පරාජය කරන්න. එකමුතුවක් තිබුණා රාජපක්‍ෂ පාලනය පරාජය කරන්න. මම හිතන්නෙ නෑ ඉන් එහා ගිය කිසිම දෙයක් තිබුණය කියල. රාජපක්‍ෂ පාලනය පරාජය කෙරුවට පස්සෙ අපිට පේනවා ඉතිරිවෙලා ඉන්න නායකයොත් හාස්‍යජනක විහිළුකාරයින් බවට පත්වෙලා තියෙනව කියල. මේක ඛේදජනක තත්ත්වයක් නෙමෙයි. හේතුව හැම දෙයක්ම මේ අර්භූදය විසින්, විශාල ලෙස විකෘති කරන, විනාශ කරන, ජරපත් කරන මේ නායකයො විතරක් විනාශ නොවී, ජරපත් නොවී මැණිකක් වගේ ඉතිරිවෙන්න හේතුවක් නෑ.
මේ නායකයො කිසිම කෙනෙක් මේ වෙච්ච විනාශය ගැන කරුණු හොයලා, දුකෙන් කඳුළු සලලා, මේ තැන්වලට ආවෙ නැහැ. තාම කිසිම නායකයෙකුට, මේ මැරුණෙ ජේ.වී.පී. වෙන්න පුලූවන්, හමුදාවෙ වෙන්න පුලූවන්, එල්.ටී.ටී. වෙන්න පුලූවන් මේ සියලූ දෙනා අපේ රටේ ¥ දරුවො. අපිට ඇඬෙන්නෙ නැත්නම්, කඳුළු එන්නෙ නැත්නම්, මේ මොකක්ද වුණේ කියලා කණගාටුවක් ඇතිවෙන්නෙ නැත්නම්, මේ මොකද වුනේ කියලා, මම හිතනවා පළවෙනි විපර්යාශයක් ආරම්භවෙන්න  ඕනෙ ඒ තැනින්. ඇයි මෙහෙම වුනේ? මොනවද අපිට වුනේ? මේ සියලූ දෙනා අපේ රටේ මිනිස්සු නේද? කියන හැ`ගීම අතිකර ගත යුතුව තියෙනව.
විදේශිකයෙක් මට කිව්වා, එයා සමාජ විද්‍යාඥයෙක් පුංචි ගෙස්ට් හවුස් එකක එයා නැවතිලා හිටියෙ. එකේ අයිතිකාරය කියල, එයා මට කතා කෙරුව. එයා කියනවා ලෝකයේ කිසිම රටක මේ වගේ නායකයො විශාල පිරිසක් එක පොදියට මැරිච්ච කිසිම රටක් නැහැ. නායක විෂයේ කාන්තාර තත්ත්වයක් තිබුණෙ. ඇත්තටම මම අහන ප‍්‍රශ්නය ඔබ හැමගෙන්ම, අපිට මෙහෙම ලේ හලන්න වුනේ ඇයි? මේ විදිහට ජහජරා තත්ත්වයකට, අශිලාචාර තත්ත්වයකට අපිට යන්න වුනේ ඇයි? මම හිතනවා මේ ප‍්‍රශ්නය තමයි මූලික ප‍්‍රශ්නය. අපි කතාකරනකොට කැමතියි නීතියේ පාළනයක් නැති කම අංක එකට ගන්න, ¥ෂණය අංක එකට ගන්න, මම හිතනවා ඒ සියල්ලටම වැඩිය වැදගත් නීතියේ පාළනයක් නැත්තේ ඇයි? මේ වගේ අශිලාචාර තත්ත්වයකට අපි පත්වුනේ ඇයි? මෙච්චර විශාල මිනිස් පිරිසක් අකාලයේ ඝාතනයට හෝ මරණයට පත් වුනේ ඇයි? ඒකට පිළිතුරු අවශ්‍යයි.
මම හිතනවා සමාජය තේරුම්ගත යුතුයි, අපි කවුරුත් තේරුම්ගත යුතුයි අපේ ඉතිහාසය. වැඩවසම් කාලේ අපිට රාජයයක් තිබුණ. නමුත් ඒ රාජ්‍යය මේ රාජ්‍යයට වඩා හු`ගක් වෙනස්. කාරණා ගණනාවකින්. එක කාරණාවක් තමයි ඒ වැඩවසම් රාජ්‍යයට ස්ථිර දේශසීමා තිබුණෙ නැහැ. කලින් කල වෙනස් වෙන දේශසීමා විතරයි තිබුණෙ. පෘතුගීසින් ලංකාවට එනවිට රාජධානි තුනක් තිබුණා. ඒ රාජධානි තුනටම ස්ථිර දේශසීමා තිබුණෙ නැහැ. කලින් කලට වෙනස්වෙන දේශසීමායි තිබුණෙ. අනිත් එක තමයි සරල පාලනයක්. මධ්‍යගත පාලනයක් තිබුණෙ නැහැ. සමාජ පරිදියට යන්න කිසිම බලයක් තිබුණෙ නැහැ.
නූතන රාජ්‍යය ඊට වෙනස්. නූතන රාජ්‍යයට ස්ථිර දේශසීමා තියෙනව. නූතන රාජ්‍යයේ මධ්‍යගත පාලනයක් තියෙනව. රාජ්‍යයට ජාතියක් අවශ්‍යයි. ජාතිය කියපු ගමන්ම ගණන් හදන්නෙ සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය කියල. නූතන අර්ථයෙන් මේවා ජාතීන් නෙමෙයි. මේවා සලකන්න  ඕනෙ ජනවර්ග හැටියට. නූතන ජාතිය සමන්විත වෙන්නේ එම රාජ්‍ය තුළ ජීවත්වෙන සියලූ මිනිස්සුන්ගෙන්.  ඒ සියලූ මිනිස්සු කියනකොට ආගමික අර්ථයෙන්, වාර්ගික අර්ථයෙන්  වෙනත් කුල මේ සියලූ අර්ථයෙන් ඇතුළත් වෙන පිරිසට තමයි ජාතිය කියල කියන්නෙ.
ජාතිය ඉබේ නිකම්ම පහළ වෙන්නෙ නෑ. ඒක බිහිවෙන්නෙ පිරිසක් ඇතුළෙ. යුරෝපයේ නම් එක, ඇති වූ මහා දියුණුව තුළ. අවුරුදු 200ක් වගේ කාලයක් තුළ ඉබේ ඇති වූ දෙයක්. ඒ ගොල්ල විශාල විදිහට ආගමික යුද්ධවලට පැටලූණා. තිස් අවුරුදු යුද්දෙන් සමහරවිට මිනිස්සු ලක්‍ෂ 80ක් විතර මැරුණා. සංහිඳියාවක ඇති වැදගත්කම මිනිස්සු අත්දැකීමෙන් ඉගෙන ගත්තා. මේ ආගම සඳහා මරාගැනීම තේරුමක් නැති දෙයක් බව මිනිස්සු අත්දැකීමෙන් ඉගෙන ගත්තා. ඒ වගේම යුරෝපයේ දේව ධර්මයට තිබූ අතිවිශාල ආදිපත්‍යය බිඳගෙන වැටුණා විද්‍යාවේ ඇති වූ මහා අභිවෘද්ධියත් එක්ක. ඒ වගේම වැඩවසම් රාජ්‍යයන් හැම එකකම වගේම කැරලි ඇති වුණා. ඊට පස්සේ සාහිත්‍යය, කලාව, දර්ශනවාදය, දේශපාලනය මේ හැම අංශයකම අති විශාල ප‍්‍රබෝධයක් ඇති වුණා. මේ සියල්ලන්ගෙ එකතුවට කියනව පුණර්දය කියල.  මේහෙම පරිසරයක් යටත් විජිත රටවල්වල ඇතිවෙන්නෙ නෑ, අපේ දැනීමේ මට්ටම, සංවිංඥානක තත්ත්වයේ මට්ටම නොදියුණු තත්ත්වයකයි තිබුණෙ.
ඉන්දියාව ගත්තොත්, ඉන්දියාවේ නායකයින්ට අපේ නායකයින්ට වගේ නෙමෙයි හු`ගාක් ඈත දැක්මක් තිබුණ. අපේ රටේ වගේ නෙමෙයි ඉන්දියානු නායකයින් ඒ රටේ ඉතිහාසයට වන්දනාමාන කළේ නැහැ.  ඒ ගොල්ලන්නට දැක්මක් තිබුණා. තමන්ගේ පෞරාණික වැදගත් කමක් තියෙන දේවල් මොනවද කියල, ඒ අය හඳුනගෙන තිබුණ. ඒ වගේම පරණ ක‍්‍රමයන්හි තිබුණ කටුක දේවල්, අවලස්සන දේවල් විවේචනය කරන්න ඒ ගොල්ල මැලි වුණේ නැහැ. ඒ වගේම තමයි අපි වගේ යටත් විජිතවාදය බංගවේවා, කියන සටන් පාඨයට ඒ ගොල්ල සීමා වුනේ නෑ. ඒ ගොල්ල දැක්කා යටත් විජිත වාදයේ නරක පැත්තක් වගේම, හොඳ පැත්තක් තියනවා කියල. හොඳ පැත්ත ගැනත් ඒ ගොල්ලන්නට අවබෝධයක් තිබුණ. අපේ සමාජය නවීන සමාජයක් බවට පරිවර්තනය කිරීමට, යටත් විජිත වාදය හේතු වුනා. ඒ වගේම ඒ නායකයො දැකපු වැදගත්ම කාරණයක් තමයි, තමන්ට ලැබිල තියෙන මේ නවීන රාජ්‍යයේ ස්වභාවය. ඒ පිළිබඳව ඉතාමත් තියුණු අවබෝධයක් ඉන්දියානු නායකයින්ට තිබුණ. ඒ ගොල්ල ආපස්සට වැඩවසම් රාජ ආණ්ඩු ක‍්‍රමයට යන්න හින දැක්කෙ නෑ. ඒ ගොල්ලන්නට  ඕන වුනා මේ නවීන ජාතික රාජ්‍ය සමග ඉදිරියට යන්න. නවීන ජාතික රාජ්‍ය සමග ඉදිරියට යන්න නම්, සම්පූර්ණ කරගත යුතු කොන්දේසියක් තිබුණ. කොන්දේසිය තමයි ජාතිය ගොඩනැගීම.
ඉන්දියාව සමන්විත වුනේ විවිධ ජනවර්ගවලින්, විවිධ ආගම් අදහන්නෙන්ගෙන්. ඒ වගේම තමයි සමාජය කුල අනුව බෙදී සිටීම. ඒ නායකයින් තමාගේ අරගලය ඉංග‍්‍රීසින්ගේ ආධිපත්‍යයෙන් නිදහස ලබාගැනීමේ අරගලයට සීමා කලේ නැහැ. ඒ ගොල්ල නිදහස් අරගලය කියන කම්මල තුළ, එහෙමත් නැත්නම් කෝව තුළ ජාතිය නිපද වූවා. ජාතිය නිපදවීමට ඒ ගොල්ලන්නට තිබුණ දර්ශනය තමයි, ඉන්දියාවේදී තමන්ට මහුණ දෙන්න වෙන ප‍්‍රධාන එහෙමත් නැත්නම්, ගැටුම් ඇති කරන ප‍්‍රධාන සාධක දෙකක් හඳුන ගත්ත. එකක් කුලය කියන සාධකය. අනිත් එක ආගම කියන සාධකය. අවුරුද් දහස් ගණනක්, සමහරවිට අවුරුදු පන්දාහක්, හයදාහක් එක දිගට තිබිච්ච කුල ක‍්‍රමයත්, ඒ නිසා ඇති වූ උස්පහත් භේදයත් බොහෝ කෙටි කාලයක් තුළ ඉවර කරන්න බැහැ. ඒත් ඒගොල්ල දැනගත්තා ඒ පරිවර්තනය සඳහා අවශ්‍යය ශක්තිමත් පසුබිමක් ඇති කිරීම සඳහා විශාල වශයෙන් මතවාදී අරගලයක නිරත වුනා. ඒ කියන්නේ ඉතාම ප‍්‍රබල කෝවිල් වටකරගෙන මිනිසුන් සත්‍යග‍්‍රහ කෙරුව. ඒ මොකට ද අඩු කුලවල අයට කෝවිල තුළට ඇතුල්වීමේ නීතිය වලං`ගු කරවා ගැනීමට. ඒ වගේම හු`ගාක් පහත්යයි කියල පැත්තකට දාපු මිනිස්සුත් එක්ක ඉන්දියානු නිදහස් අරගලයේ නායකයින්, සමහර අවස්ථාවලදි නේරුගේ අම්මා, තාත්තා වගේ ප‍්‍රභූ පිරිස් ඒ කුලහීන මිනිස්සුත් එක්ක එකට ආහාර ගත්තා, ඒක පෙන්නුම් කිරීම සඳහා.
ඒ වගේම ගාන්ධි හින්දු මුස්ලිම් භේදය නැති කිරීම සඳහා ඉන්දියානු ව්‍යාපාරයේ ඉතාම බරපතල මතවාදී අරගලයක නිරත වුණා. ඒ වුනත් කැඞීමක් ඇති කිරීම වලක්වන්න හැකි වුනේ නැහැ. ඒ කැඞීමට එකතු වූ අයගෙ සංඛ්‍යාවට වඩා විශාල මුස්ලිම් ජනතාවක් ඉන්දියාවෙ ඉතුරු වුණා. මේ කැඞීමෙන් පස්සෙ ගාන්ධි මැරෙන අවස්ථාව වෙනකොට ඉන්දියාවේ බොහෝ තැන් වර්ගවාදී ගින්න දැල්වෙමින් තිබුණෙ. ඒ වගේම ගාන්ධිගේ මරණයත් සමග ගාන්ධිගේ චිතකයෙන් නැගෙන ගින්න ඉතුරුවෙලා අනෙක් හැම ගින්නක්ම නිවී ගියා.
ඉන්දියානු පෞර්ෂයට ජාතිය ගොඩනැගීම සඳහා ඉතාමත් ශක්තිමත් පදනමක් දාලා, ඒ ජාතිය ගොඩ නැගීමට ක‍්‍රියාව විදිහට නෛතික පදනමක් ලබා දෙමින් ඉතා ශේෂ්ඨ ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට ඔවුන් සමත් වුණා. ව්‍යවස්ථාවකින් ජාතියක් ගොඩනගන්න බැහැ. ව්‍යවස්ථාවකින් කරන්න පුලූවන් ගොඩනගන ලද ජාතියකට නෛතික රාමුවක් දීම පමණයි.
ඉන්දියානු නායකයින් එක්ක ගත්තම, අපේ සිංහල නායකයින් විතරක් නෙමෙයි, සිංහල දෙමළ, මුස්ලිම් හැම නායකයෙක්ම නූතන සංකල්ප පිළිබඳ මළපොතේ අකුරක්වත් දැනගෙන හිටියෙ නැහැ. පිටරට ගිහින් ඉංග‍්‍රීසි කතා කරන, කටිකෝට් ඇඳපු නායකයන්ට ජාතික රාජ්‍ය කියන පදය ගැනවත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. ජාතිය කියන දේ ගැනත් න්‍යායික අවබෝධයක් තිබුණෙ නැහැ. වාමාංංශකයින් පවා ගොඩනැගුවෙ ජාතිය නෙමේ පංතියයි. අපේ නායකයින්ට දැක්මක් තිබුණෙ නැහැ. එක කුල භේදයට තිබුණ පිළිගැනීම නැති කළේ නැහැ. උස් පහත් භේදය නැති කළේ නැහැ. ඒක වහාම නැති කරන්න බැහැ. ශක්තිමත් අත්තිවාරමක් දැමිය යුතුයි. දෙවෙනි කාරණය වර්ගවලට අයත්, විවිධ ආගම්වලට අයත් ජනයා අතර සංහිඳියාවක් ඇති කිරීමට අසමත් වුණා. ඇත්තටම නිදහස ලබන අවස්ථාව වන විට, ලබන්න යන නිදහසක් ගැන කතාකරන්න යන අවස්ථාවක් වනවිට නිදහස ගැන සැකෙන් බලපු දෙකොට්ඨාශයක් ලංකාවෙ හිටිය. ඒ සුළු වාර්ගික ජනයාගේ නායකයින්. දෙක සුළු පීඩිත කුලවල ජනයාගේ නායකයින්. ඒ දෙපිරිසම ඩොනමෝර් කොමිසම වෙත වෙන්වෙන්ව තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කෙරුව. ඒ ගොල්ල කිව්ව, තාම ලංකාවට නිදහස දෙන්න මෝරල නැහැ කියල. සුළු ජාතික නායකයින් කිව්වා දැන් නිදහස දුන්නොත් එහෙම මහ ජාතියේ ආධිපත්‍යයක් ඇතිවෙලා අපි පීඩාවට පත්කරනව කියල. පීඩිත කුලවල නායකයො කිව්වා එහෙම වුනොත් ගොවිගම, වෙල්ලාල ආධිපත්‍යයක් ඇති වෙලා අපිව පීඩාවට පත්කරයි කියල. ඉතා බරපතල බෙදීමක් ඇතිවෙලයි පැවතුනෙ. ඇත්තෙන්ම ඒ කිසිම ප‍්‍රශ්නයකට විසඳුම් නැතුව, කිසිදු අරගලයකුත් නැතුව තමයි අපි නිදහස ගත්තේ. නිදහස අපට උරුම කරදුන් කිසිම විශේෂ දෙයක් නැහැ. නිදහස් චින්තනයක් අපිට උරුම කෙරුවෙ නැහැ. හිතන්න මතන්න අපිව පුරුදු කෙරුවෙ නැහැ. ජීවිත කෙරෙහි ඉදිරිගාමි ලෙස බලපාන කිසිදෙයක් අපිට ලැබුණෙ නැහැ. නිදහස අරගෙන අපි ඉස්සරහට යන්න උත්සාහ කළේ නැහැ. ශක්තිමත් පදනමකින්, හරිවිදිහට නෙමෙයි අපේ දැතිරෝද කැරකුනෙත්. හැම නායකයෙක්ම, වර්ගය, ආගම, කුලය මේවා කරගහගෙන තමයි ඉස්සරහට යන්නගත්තෙ. ඒ යන ක‍්‍රියාවලිය තුළ මුලදී අවුල් ඇති වුණා. ජාතිවාදී කෝලහල ඇති වුණා. ඒවා ටික වෙලාවකට යටපත් කළත් ගොජ දමන දෙයක් හැටියට එළියට පැන්නා.  මහා ලේ ගංගාවකට රට තල්ලූ කෙරුවා. ඒ ලේ ගංගාව එන්න ඉස්සරවෙලා අපිට අවුල් තිබුණා. අපේ ආණ්ඩුක‍්‍රමයෙත් අවුල් තිබුණා. ඒ කියන්නෙ තරෙ`ගට ව්‍යවස්ථා හදපු රටක් ලංකාව. දැන් හතරවෙනි ව්‍යවස්ථාව හදන්නෙ. අපි කියන්නෙ අපි හරි ශීලාචාර ජාතියක් කියල.  ශීලාචාර රටක් කියල. පනත් විදිහට තමයි ව්‍යවස්ථා හදන්නෙ. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක් හදන්නේ අවුරුදු සියයකට විතර, සමහරවිට අවුරුදු හාර පන්සියයකට විතර. එකක් හදනවා ඒක අපිට අවුරුදු පහකින් දහයකින් එපා වෙයි. ඊට පස්සෙ තවත් එකක් දහනව. මේ වගේ ගමනක් තමයි අපි යන්නෙ. සියල්ල අවසන් වෙනකොට ලංකාව සුන්බුන් ගොඩක් ලෙස ඉතුරුවුණා.
ඉතාම වැදගත් දේ තමයි, නිදහස ලබාගන්නාවිට අපි හිටපු තැන. තුලනාත්මකව බැලූවොත් අපි බනින සුද්දා අපිට ඉඩ දීලා යනකොට දකුණු ආසියාවෙ නෙමෙයි, මුලූ ආසියාවෙම දර්ශක විශාල සංඛ්‍යාවකින් අපි බැබලෙන රටක් බවට පත් වුණා. අපි දෙවෙනි වුනේ ඒක පුද්ගල ආදායමෙන් ජපානයට පමණයි. අපේ සෞඛ්‍ය දර්ශක ගත්තොත් බැබලෙන තත්ත්වයක හිටියෙ. අකුරු උගත්කම වැනි දර්ශක ගත්තොත් අපි බැබලෙන තත්ත්වයක හිටියෙ. යටිතල පහසුකම්වල දි අපි ඉහලින්ම හිටියෙ. අපිට මතකයි අපේ පුංචි කාලෙ අපි දැක්ක කොළඹ නගරෙ ට‍්‍රෑම්ප් කාර්, ට්‍රොලි බස් දුවනව. සමහර රටවල් අපිට දශක ගණනාවකට පස්සෙහි ඒවා ගත්තෙ. රේල්වේ දෙපාර්තමේන්තුව එදා රාජ්‍ය ආධායමෙන් 30%ක් ඉපදෙව්වා. තුලනාත්මක වශයෙන් දියුණු මට්ටමක තිබුණු රටක්. ඒ දියුණු මට්ටම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉන් පසු කලෙකට පස්සෙ  හැම නායකයෙක්ම අසමත් වුණා. අපි දියුණුව කරා ගෙනයනවා වෙනුවට හැම නායකයෙක්ම අපිව ගෙන ගියේ ඉතාම අශිලාචාර තැනකට. ඒ අශීලාචාර වලට අපිව තල්ලූ කරමින් තමයි ඒගොල්ල දේශපාලනය කෙරුවෙ.
ඉන්දියානු නායකයො බැලූවොත් නේරුගෙ, ගාන්ධිගෙ ඉඳලා මෝදි දක්වාම අවම වශයෙන් තමන්ගෙ දැක්ම පිළිබඳව විශ්ලේෂනාත්මකව එක පොතක්වත් ලියල තියෙනව. සමහර අය ලියන පොත් ප‍්‍රමාණය විශාලයි. අපේ නායකයො ඞී.එස්. සේනානායක ඉඳලා අද දක්වා එකම පොතක්වත් ලියලා නෑ එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගොල්ල කරල තියෙන්නෙ තැන්තැන්වල ගිහිල්ල කරන කිසිම හරයක් නැති කතා කාණ්ඩවලට එකතුකරල පොත් ගහල තියෙන එක. අර එකම පොත ලිව්ව නායකයගෙ පොතේ මාතෘකාව ‘මාහේනේ රීරි යකා’ ඒකෙන් තේරුම් ගන්න පුලූවන් කොච්චර කයිවාරු ගැහුවත් අපි කොයිතරම් කනගාටුදායක අසරණ තත්ත්වයකද ඉන්නෙ කියල.
මේ සියලූ අවුල් ඇතුළෙ අපි ධනේශ්වර ක‍්‍රමයකට මාරුවුණා. අපි වැඩවසම් ක‍්‍රමය අතහැරියා. පැරණි රාජාණ්ඩු ක‍්‍රමය වෙනුවට අපි නූතන ආණ්ඩුක‍්‍රමය තෝර ගත්තා. පැරණි වැඩවසම් රාජ්‍ය ක‍්‍රමය වෙනුවට අපි ජාතික රාජ්‍ය ක‍්‍රමය තෝරගත්තා. ඒකෙ ලොකු හිඩසක් තියනව. මොකද ඒකේ පැවැත්මට අවශ්‍ය ජාතිය කියන සංකල්පය නැතුව තමයි, අපේ නායකයින් ජාතික රාජ්‍ය කියන තැනට දක්න්න උත්සාහ කෙරුවෙ. දැන් තමයි ජාතිය ගොඩනැගීම ගැන මතක්වෙලා තියෙන්නෙ හතලිස් අටට පස්සේ. ඒත් විධිමත් විදිහකට නෙමයි. ජාතිය ගොඩනගන්න බෑ ව්‍යවස්ථාවෙන්. ජාතිය ගොඩනගන්න මේවා පිළිබඳව රටකට දර්ශනයක් තිබිය යුතුයි. මිනිස්සු හිංසාවට පීඩාවට ලක්කළා නම් ඒ ගොල්ල ගැන කනගාටුවෙන්න  ඕනෙ. ‘‘කනාගාටුයි මෙවැනි අවලස්සන තත්ත්වයක් පවත්වාගෙන යාමට ඉඩ දීම ගැන. සමාවෙන්න අපිට’’ එහෙම තමයි හදවත් සුව කරන්න  ඕනෙ. විශාල විනාශයක් රටේ වෙලා තියෙනව.
මම හිතන දේ තමයි අපේ පුනර්දය ව්‍යාපාරයේ ඉලක්කය බලය අල්ලා ගැනීම නෙමෙයි. ඒක අල්ලගන්න තැනක් නෙමයි. ඒක ගඳගහන තැනක්. ඒක ජරපත් වෙච්ච තැනක්. ඒක ¥ෂිත තැනක්. අපි කිසිම විදිහක බලය අල්ලා ගැනීමක් අපේක්‍ෂා කරන්නෙ නැහැ. ඒ වෙනුවට අපි මිනිස්සු අතරට ගිහින් ඒ මිනිස්සුන්ගෙ හදවත් තුළ තියෙන තුවාල සුවපත් කරන්න බලාපොරොත්තු වෙනව. මිනිස්සු නැවතත් ප‍්‍රකෘතිමත් මිනිස්සු බවට පත්කරන්න බලාපොරොත්තු වෙනව. කුඩා ප‍්‍රමාණයකට නෙමෙයි හු`ගක් ලොකු ප‍්‍රමාණයකට. මේ සමාජයේ විකෘතිවෙලා ඉන්න, තුවාල වෙලා ඉන්න, එහෙමත් නැත්නම් අධ්‍යාත්මික කිසියම් ප‍්‍රමාණයකට මැරිල ඉන්න සමාජයකට සුවය දෙන්න බලාපොරොත්තු වෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *