පාර්ලිමේන්තුවෙන් නොවන්නේ පාර්ලිමේන්තුවේ වැඩ විතරයි – වජිර අබේවර්ධන

 

 

පාර්ලිමේන්තුවෙන්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනෙක් සියල්ලම ඉටුවෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ  225 දෙනා තවම එක් වන්නේ බෙදෙන්න ගහගන්න මිස කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට නොවේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

වත්මන්  අර්බුද වලට හරියට මුහුණ නොදුන්නොත් 225 දෙනාම ගුටි කන තත්ත්වයකට පත්වෙන බව සඳහන් කළේය.

රට බංකොලොත් කිරීමට 225 ම වගකිව යුතු යැයි ද  කාටවත් ඒකෙන් නිදහස් වෙන්න නොහැකි යැයි ද මන්ත්‍රීවරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය  පෙබරවාරියේ ලැබුණ පසු තවත් සහන  ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව ද  අබේවර්ධන මහතා පැවසීය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *