|

සුළු හා මධ්‍ය ව්‍යවසායකයන් සංවර්ධනයට බිලියන 50ක්: මේ තරම් විශාල මුදලක් අය වැයෙන් වෙන් කළේපළමු වතාවටයි -සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති

 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට නොදුන් මුදලක් මෙවර අය වැයෙන් වත්මන් ජනාධිපති මුදල් ඇමැතිවරයා ලෙස මේ අංශයේ දියුණුවට ලබා දී ඇතැයිද ඒ සම්බන්ධයෙන් සතුටු වන්නේද සභාපතිවරයා පැවසීය.

කොවිඩ්- 19 වසංගතයෙන් පසුව නැවත හිස ඔසවමින් පවතින රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර පුනර්ජීවනය හා ප්‍රතිව්‍යුහගත කිරීමට මේසා විශාල මුදලක් වෙන් කිරීම ගැන වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් රජයට ප්‍රසාදය පළ කරන බවද ඔහු කීය. මෙලෙස වෙන් කළ මුදලින් තම වාණිජ මණ්ඩලය ආරම්භ කළ නවතම ව්‍යාපාර දියුණු කිරීමට අත දීමේ වැඩපිළිවෙළට ශක්තියක් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කළේය. මීට අමතරව මෙලෙස අය වැයෙන් වෙන් කළ මුදලින් තරුණ ව්‍යවසායකයන්ට දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට අරමුදල් සැපයිය යුතු යැයි ඔහු යෝජනා කළේය. ඊට අමතරව කාන්තා ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු පොලී ණයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද රාජාබ්දීන් මහතා සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *