ජනපති අය-වැය ගෙනාවේ ඉතාමත් අමාරු තැනක සිටයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පැවසීය.
ජනාධිපතිවරයාගේ අය-වැය කතාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මේ බව කීවේය.

ඉතාමත්ම දරුණු ප්‍රතිව්‍යුහගතකරණවලට රට ලක් කරන්න ඕනෑ. රට ගැට ගහලා තියෙන ලණු චේන් කඩන්න ඕනෑ. මෙතන වැඩි හරියක් ඒ කියන්නේ සියයට 90ක් ඉන්නේ පුද්ගලික අංශයේ අයයි. ඒ අයට දාහදාහකින් හරි වැඩි කර ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ අය-වැය කතාවෙන් ලබන වසරේ ඡන්දයක් පැවැත්වෙන බව ස්ථිර වශයෙන්ම දැන ගත්තා යැයිද හෙතෙම කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

දිනමිණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *