ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සජබට ?

 

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා සමගි ජන බලවේගයට සම්බන්ධවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දිනවල මෙම සාකච්ඡා පවත්වා තිබේ.

ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පෙර සිට මෙම සාකච්ඡා ආරම්භ වී තිබු බව කියති.

දේශපාලන ආරංචි මාර්ග කියන්නේ විවිධ දේශපාලඥයින්ට සම්බන්ධ උදවිය ඇතුළත් කරමින් අතුරු කමිටු සංයුතිය සකස් කළේ ද එම සාකච්ඡා වල  ප්‍රතිඵලයක් ලෙස බවයි.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි කියති.

තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ඇමතිවරයා මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *