කොන්දේසි තුනක් මත ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට

 

ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි වෙත පනවා තිබු තහනම කොන්දේසි තුනක් මත ඉවත් කොට ඇති බව වාර්තා වෙයි.

වත්මන් රග්බි පරිපාලනයට ලබන මාර්තු දක්වා ක්‍රියාත්මක වීමට ඉඩ දීම , ක්‍රීඩා ඇමතිවරයා කර තිබු තහනම ඉවත් කර ගැනීම සහ ශ්‍රී ලංකා රග්බි සඳහා  නව ව්‍යවස්ථාවක් සැකසීමට ලෝක රග්බි සමුළුවේ ප්‍රධානත්වයෙන් සහ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියා කිරීම එම කොන්දේසි තුන වෙයි.

ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු සියලු පාර්ශව මෙම කොන්දේසිවලට එකඟ වීම නිසා ලෝක රග්බි සම්මේලනය ශ්‍රී ලංකා රග්බි වෙත පසුගිය මැයි මාසයේ පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *