ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම: ක්‍රීඩා ඇමති සහ ක්‍රිකට් බලධාරීන් දැන් කියන්නේ කුමක්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය,“ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නැහැ.. ඒකටත් වස දායිද කියලා විශ්වාසයක් නැහැ.”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහූ අද (නොවැම්බර් 11 වැනිදා) ප්‍රතිචාර දක්වනු ලැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද අවධාරණය කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ කීම මතනේ ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ”

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහූ අද (නොවැම්බර් 11 වැනිදා) ප්‍රතිචාර දක්වනු ලැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නේ ජනතා මතය අනුව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද අවධාරණය කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ, “ක්‍රිකට් තහනම් කරනකොට ජයපැන් බීලා…ක්‍රිකට් තහනම් කරන්න කියලා සාහසිකයෝ උනේ කොහොමද කියලා හිතාගන්න බෑ.” යනුවෙනි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ කීම මතනේ ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔහු පිටුපස මහා බලයක් තියෙන්න ඕනේ.”

“මම වැඩ කරන්නේ මහජනයාගේ සිතුවිලි අනුව. ආණ්ඩුවේ ඉන්නවා හරි දේ කරන්න. හරි දේ අගය කරන තාක්කල් ඉන්නවා. මේ වෙලාවේ ලැබෙන සහයෝගය අඩුයි. ඉස්සරහට බලමු. ආණ්ඩුවේ නෙමෙයි යම් යම් තැන්වල. ව්‍යවස්ථාදායකයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා.. කිහිප දෙනෙක් හැර. 225න් 210ක් 212ක් සහාය දෙනවා. ජනාධිපතිතුමාගේ සහයෝගය… එතුමාට කවුරුහරි මොනවා හරි කියලා.”

“මම ඇමතිකමේ හිටියත් නැතත් මගේ සටන අතහරින්නේ නැහැ. පුද්ගලික නීතිඥයෝ දාලා හරි නඩු කියනවා. මෙයාලා ගහන ගැහිලි අනුව අපි දන්නේ පාළම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඒවා”

“මේක හොඳ ටෙලි නාට්‍යක්. මම දකිනවා සමහරු සමහර තැන්වල හොරෙන් වීඩියෝ කරගන්නවා. තහනම් කරගන්නවා. හොරා රැකලා වැඩක් කරපු ඇමතිව යවන රටක් කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ.”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව තමයි ක්‍රිකට් තහනම් කළේ කියන එක පැහැදිලිව ප්‍රකාශ වෙනවා.”

“කොළඹ හෝටල් කාමරයක ක්‍රිකට් තහනම් කරන සතුටට ජයපැන් බීලා තියෙනවා.”

“රට පාවාදෙන කණ්ඩායමක් ඉන්නේ.”

“අපි ගන්න පියවර මොකක්ද?”

“ලෝකයේ අනෙක් රටවල සංගම්වල දූෂණයක් වුණාම ඒ අය අයින්වෙලා යනවා.”

“ජනාධිපති හම්බවෙන්න යනවා. ජනාධිපති ගැන විශ්වාසයක් තියෙනවා. හැබැයි ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක්වත් බොන්නේ නැහැ.. ඒකටත් වස දායිද කියලා විශ්වාසයක් නැහැ.”

“දැන් මරන්න පුළුවන් නම් මාව මරයි. ඒ තරමට මේකේ ඉන්න බලන්නේ.”

“මේ අය එක්ක ජාත්‍යන්තර සූදු ආයතන එකට වැඩ කරනවා.”

“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා”

වීඩියෝ ශීර්ෂ වැකිය,“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා”

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් ද අද (නොවැම්බර් 11වැනිදා) පස්වරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊට ප්‍රතිචාර දැක්වුහ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා සඳහන් කළේය.

“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා.”

“උසාවි යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න.”

“අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.”

21 වැනිදා මොකද වෙන්නේ ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවද ඊට අදාළ කොන්දේසි මොනවා දැයි මෙතෙක් නිවේදනය කර නොමැත.

ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන 21 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සඳහන් කළේය.

“ඇමතිව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා.”

“දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනිහෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා.”

“ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.”

BBC – සිංහල 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *