හිග සුරා බදු මිලියන 198 ක් ලැබෙයි ; බිලියනයක් ගෙවන්න එකඟ වෙයි

 

හිග සුරා බදු මිලියන 198 ක් මේ වන විට අය කරගෙන ඇති බවත්, වසර අවසානයට පෙර බිලියනයක් ගෙවන්න එකඟ වී ඇති බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

හිඟ සුරා බදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නිර්දේශය නිසා සමාගම් ගණනාවක් හිඟ බදු ගෙවීමේ එකඟතාවයකට පැමිණ 2023 වසරේ හිඟ සුරාබදු ගෙවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම, ෆින්ලන්ඩ් නිෂ්පාදනාගාරය, සිනජි නිෂ්පාදනාගාරය හා රන්දෙනිගල නිෂ්පාදනාගාරය යන ආයතන 2023 වසරට අදාළ හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.1 ක මුදල සහ ප්‍රමාද ගාස්තු 2023.12.31 වන දින වන විට වාරික 9 කින් ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බවත් ඒ අනුව 2023.11.06 දින මෙම සමාගම් 4 විසින් රුපියල් මිලියන 198 ක මුදලක් ගෙවා ඇති බවත් 2023.12.31 දිනට එම සමාගම් 4 හි ඉතිරි හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.056 ක මුදල ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රකාශ කලහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *