2025 මහ මැතිවරණය අලුත් ක්‍රමයකට – ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

 

මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසන් සභාවේ සහ මීට පෙර පාර්ලිමේන්තුවේ කමිටුවල තීරණ අනුව 2025 මහ මැතිවරණය නව ක්‍රමයකට පැවැත්වීමට රජය අදහස් කර ඇති බව වාර්තාවෙයි.

බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබෙන මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් ඒ අනුව ක්‍රියාවට නැගෙනු ඇත.

මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (8 දා ) පාර්ලිමේන්තුවේ සිදුකරනු ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *