|

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023-01-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇත.

එකී කමිටුව විසින් අදාළ සියළු කරුණු අධ්‍යනය කර නව ආයතනික ව්‍යූහයක් පිහිටුවීම සඳහා වන යෝජනා ඉදිරිපත් කර ඇති අතර එකී යෝජනා මත පදනම්ව නව ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආයතනික සැලැස්මක් හඳුන්වා දීමටත්, ඒ යටතේ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ඒ ආශ්‍රිත ඒකක ආයතනිකව පිහිටුවීම ආරම්භ කිරීමටත් අදාළ පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

අද දෙරණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *