ශ්‍රී ලංකා ක්‍රිකට් බේරාගන්න “කැප්ටන් කූල්” කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් අතුරු කමිටුවක් පත්කර තිබේ.

ක්‍රිකට් විචාරකයින් අර්ජුන රණතුංග මහතා හඳුන්වන ලද්දේ “කැප්ටන් කූල්” වශයෙනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා මෙම  අතුරු කමිටුව  පත්කර ඇති බව අද නිවේදනය කළේය..

එම කමිටුව පුද්ගලයන් 7 දෙනෙකුගෙන් සමන්විත වෙයි.

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *