|

ලංවිම, ශ්‍රී ලන්කන් හරහා ඉන්දියානු ණය ගෙවන්න රුපියල් කොටි 231 ක් අනුමතයි

 

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය කොටසක් ගෙවා එම මුදලින් ම ඉන්දියානු ණය ගෙවීම සඳහා රුපියල් කොටි 231 ක් ලබාදීමට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වෙයි

ඒ සඳහා රුපියල් බිලියන 231.5 ක අමතර වියදම් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව අනුමත කර ඇති බව නිවේදනය කොට තිබේ.

අයවැය පරිපූරක ඇස්තමේන්තුවක්  යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 129ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් බිලියන 102ක් හිමිවන බව පාර්ලිමේන්තුවේ එම නිවේදනයක සඳහන් වෙයි

එම ආයතන දෙක එම මුදල් භාවිත කළ යුත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇති ණය ගෙවීම සඳහා ය.

තෙල් සංස්ථාව ඉන්දියානු ණය මාර්ගයෙන් භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහා එම මුදල් භාවිතා කළ යුතු වෙයි

මහා භාණ්ඩාගාරය එම මුදල් ආපසු ගෙවීමට සහ ඉන්දියානු ණය යටතේ තෙල් ආනයනය කිරීමට එම මුදල  භාවිතා කරනු ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ණය අඩු කරමින් එම මුදලින් ම ඉන්දියන් ණය ගෙවීම ද මෙමගින් සිදු වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *