සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි

 

සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි බද්ද යලි ඉහළ නංවා තිබේ.

සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300,- 325 වශයෙන් වැඩි වන බව ද ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

මේ අතර සීනි බද්ද වැඩි කිරීමට දින දෙකකට පමණ පෙර ප්‍රධාන පෙළේ සීනි ආනයනයකරුවෙක් සත විසිපහේ බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන් 8000ක් ආනයනය කර ඇතැයි පිටකොටුව තොග වෙළෙදපොළෙන් වාර්තා වේ.

මීට පෙර සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා රුපියල් 50 ක ආනයනය බද්දක් පැවති අතර එම බද්ද 2020 ඔක්තෝබර් 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි රජය විසින් ශත 25 දක්වා අඩු කරනු ලැබීය.

රුපියල් පනහක සීනි ආනයනය බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීම හේතුවෙන් ගත වූ වසර තුන තුල රජයට රුපියල් කෝටි දසදහසකට වැඩි ආදායමක් අහිමි වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

(මහින්ද නිශ්ශංක)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *