කොළඹ උද්ධමනය සියයට 1.5 යි

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි අගය සියයට 1.5 ක් ලෙස වාර්තා වෙයි .

ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ සියයට 1.3 හි සිට 2023 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.5 ක් දක්වා සුළු වැඩවීමක් වාර්තා කර තිබේ.

එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේ පැවති සියයට -5.2 මට්ටමේ ම නොවෙනස්ව පවතින අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 4.7 හි සිට 2023 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.9 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *