ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම ඉවත දමයි

 

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම අධිකරණයේ බහුතර තීරණයකින්  නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළ බව මීට සුළු වේලාවකට පෙර නිවේදනය  කළේය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් සහිත කාන්තාවක බැවින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ඇයට  පාර්ලිමේන්තුවට පත්වීමට හෝ අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හෙරත් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *