බදු විරෝධී වෘත්තීයවේදීන්ගේ යෝජනා රනිල්ගේ අයවැයෙන් එයි ?

 

පෞද්ගලික අදායම් බදු වැඩි කිරීමට එරෙහිව පසුගිය කාලයේ විරෝධතාවල නිරත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තියවේදී සංවිධාන ඉදිරිපත් කළ විකල්ප යෝජනා ගණනාවක් ජනාධිපති, මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 දා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට ඇතුලත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

බදු පදනම පුළුල් කිරීම , හිග බදු අයකර ගැනීම ආදිය සම්බන්ධ යෝජනා එලෙස අයවැයට ඇතුළත් වනු ඇතැයි කියති.

වෘත්තියවේදීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනා ආණ්ඩුව මේ වනවිටත් ක්‍රියාවට නගමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ ප්‍රතිසංස්කරණ සඳහා රජය කටයුතු කරමින් සිටින අතර මත්පැන් අලෙවිකරණ සමාගම්වල හිග බදු මුදල් ඔක්තෝබර් මාසය නිමවීමට පෙර ගෙවිය යුතු බවට ද නියෝග කොට තිබිණි.

තවමත් ශ්‍රී ලංකාවේ බදු රැස් කිරීම ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මතය වී තිබේ. කෙසේ වෙතත්, බදු තවත් වැඩි කිරීමට ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව රජය නොපිළිගත් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

රජය මුල්‍ය අරමුදලට දන්වා ඇත්තේ, බදු තවත් වැඩි නොකර ආදායම් ඉපයීමේ වෙනත් ක්‍රම ක්‍රියාත්මක කරන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *