SJB උපරිමාධිකරණයට ව්‍යාජ ලේඛණ ඉදිරිපත්කර මාට්ටුයි

 

සමගි ජන බලවේගයේ පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයේ දී සඳහන් කළේය.

මනුෂ නානායක්කාර හා හරින් ප‍්‍රනාන්දු යන ඇමතිවරුන් එම පක්‍ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට අදාළව මෙසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි නීතිඥවරයා අධිකරනයේදී කියා සිටියේය.

අදාල ලේඛන ව්‍යාජ ලේඛණ නිසා ඒවා පිළි නොගන්නා ලෙස නීතිඥ මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විරෝධතා ප්‍රකාශයට අදාළ ලේඛන සහ මෝසමක් මගින් ඉදිරිපත් කරන ලද ලේඛන සහ අතර පරස්පරතාවයක් පවතින බව ඔහු අධිකරණයේ දී පෙන්වා දුන්නේය

lanka c news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *