පොහොට්ටුවට අලි ගහයි
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය පස්සෙන් ගොස් බුලත් දී ඉල්ලා ගත් එකක් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට භාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කල ආරාධනය පිළිගෙන ජනාධිපති ධුරයට පත්වූ බවද හෙතෙම පැවසීය.
රට පත්ව ඇති තත්ත්වයෙන් බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ලබා දෙන්නැයි පොදුජන පෙරමුණ ඒ මොහොතේ ඉල්ලා සිටි බවද හෙතෙම සිහිපත් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධූර දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
lanka C news