විදෙස් වෛද්‍ය උපාධිවලට ශ්‍රී ලංකාවේ පිළිගැනීම

 

ලොව පිළිගත් සරසවිවල වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1 ස්ථානයේ සිට 1000 ස්ථානය දක්වා සිටින සරසවි වෛද්‍ය උපාධි සඳහා මෙරට පිළිගැනීම හිමිවෙයි.

මේ දක්වා මෙබඳු පිළිගැනීමක් නොතිබූ අතර විදෙස් උපාධි ලැබුවන්ට මෙරට දී වෛද්‍ය වෘත්තියේ යෙදීමට අවසර නොතිබිණි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ තවත් විභාගයකට මුහුණ දීමට වෛද්‍ය උපාධි ලාභීන්ට සිදු වූ අතර එම විභාගය පිළිබඳව ද ගැටළු තිබිණි.

පසුගිය මැයි මස ගත් කැබිනට තීන්දුවක් ක්‍රියාත්මක කරමින් මෙලෙස විදෙස් වෛද්‍ය උපාධි සඳහා පිළිගැනීම ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *