සහාය නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවනවා – ජනපති තීරණයක් ගන්න හදයි!

ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට සහය නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇති බවද වාර්තාවේ.ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවද සඳහන්.

මේ අවස්ථාවේ සිදුකල ඇමති සංශෝධනය විෂය පථයන් මාරු වීම මිස අලුතින් කිසිදු තනතුරක් ලබා නොදුන් අතර අලුතින් ඇමති තනතුරු ලබාදී ජනතාව පිට තවදුරටත් බර පැටවීමට සුදානම් නැති බවද හෙතෙම පොහොට්ටුවට දැනුම් දී තිබෙනවා.

(asianmirror.lk)

The Leader

Leave a Reply

Your email address will not be published. Required fields are marked *