රටවල් 7කට නිදහස් වීසා

 

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන පියවරක් ලෙස රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් ගණනාවක් මෙලෙස වීසා නිදහසට හිමිකම් කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *