|

රනිල්ට ජනාධිපති වෙන්න ඡන්ද ලක්ෂ දහයක් වජිර අතින් දාලා !!!

 

 

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා කෝටියක් ඡන්ද ගන්නා බවට පක්ෂ සම්මේලනයේ දී වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයෙන් කළ සමීක්ෂණයක තොරතුරු අතිශයෝක්තියට නැගීමක් බවත්, එයින් ඔහු ඡන්ද තක්සේරුව ලක්ෂ 10 කින් වැඩි කපට ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

එජාපය කර ඇති සමීක්ෂණයේ තක්සේරුව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ සහ විපක්ෂයේ  කණ්ඩායම්වල  සහය ලබන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට ඡන්ද ලක්ෂ 90 – 95 අතර ප්‍රමාණයක් ලබාගත හැකිවන බවයි. එය වජිර අබේවර්ධන මහතා කීවේ රනිල් ඡන්ද කෝටියක් ගන්නා ලෙසයි.

මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ජනාධිපති තේරීමේ ඡන්දය අවස්ථාවේ දී ඡන්ද 130 – 135 අතර ලබාගනු ඇතැයි රනිල්ගේ කණ්ඩායම ගණන් බලා තිබිය දී, වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට කීවේ රනිල් ඡන්ද 140 ක් ලබාගන්න බවයි. එසේ වුව ද , එහි දී රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 134 කි.

මේ අවස්ථාවේ දී ද වජිර අබේවර්ධන මහතා සැබෑ තක්සේරුවට වඩා අතිශයෝක්තියෙන් ගණන් ප්‍රකාශ කොට ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *