රනිල් ජනාධිපතිවරණයේදී ඡන්ද කෝටියක් අරන් දිනනවා – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 100ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන්නේ යැයි තමන්ට විශ්වාස බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

“දැන් ඕනෙම දේශපාලන පක්ෂයක කෙනෙකුට මේ රට ගොඩගන්න පුළුවන් නම් හංදිවල කතා පවත්වන්න ඕනෙ නෑ, එයා දැන් ඉදිරිපත් කරන්න ඕනෙ ඒක කරන විදිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන විදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා තියෙනවා. එතුමා ඒක ප්‍රංශය, ජපානයට, ඇමරිකාවට, චීනයට කියලා තියෙනවා. වැඩිම ණය සම්භාරයක්, 42%ක් චීනයට. ඒගොල්ලන්ට කියලා තියෙනවා කොහොමද මේ ණය ගෙවන්නෙ, කොහොමද මේ රට ගොඩගන්නෙ කියලා. අපට පේනවා ඒ අතරේ සමහර බාලාංශ අපේක්ෂකයොත් ජනාධිපතිවරණයට එන්න හදනවා. ඒ අයට දොස් කියන්න හොඳ නෑ, ඒ අය ඔක්කොම එකතු කරගන්න ඕනෙ. ඔබ හිටියෙ පෝලිමේ, අද ඔබ තෙල් ගහගෙන මේ ශාලාවට ඇවිල්ලා ඉන්නවා. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට පින් දෙන්න ඕනෙ. හැමෝටම වීරකම් කතා කරන්න පුළුවන්, වීරකම් කරන්න බෑ. මට නම් විශ්වාසයි ලබන වර්ෂයේ අපේ ජාතික නායකයා ඡන්ද ලක්ෂ 100ක් අරගෙන ජනාධිපති පුටුවේ වාඩිකරනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹදී පැවති එජාප විශේෂ මහා සම්මේලනය අමතමිනි.

RN

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *