ලබන වසරේ මැතිවරණ පෝලිමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන් පසුව මහා මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පවත්වන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති එජාප පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *