ගෝඨාගේ ලක්ෂ 170ව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ නෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී අරගලකරුවන්  සොයාගනු ලැබූ රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් මෙම තීරණය ගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය.

ජනාධිපති මන්දිරයේ තිබී මෙම මුදල් සොයා ගනු ලැබූවේ පසුගිය වසරේ ජුලි මස 9 වැනිදාය.

ජනාධිපති මන්දිරය අල්ලාගත් අරගලකරුවන් විසින් සොයාගනු ලැබූ මෙම මුදල් පසුව පොලිසියට බාර දෙනු ලැබීය.

(නිමන්ති රණසිංහ )

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *