ත්‍රස්ත විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැහැ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

 

පෙත්සම්කරුවන් විසින් අභියෝගයට ලක් කොට ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මේ දක්වා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සම් අද (13) කැඳවා තිබු අවස්ථාවේ මෙම දැනුම් දීම සිදුකරනු ලැබීය.

එම පෙත්සම් විභාගය සඳහා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *