|

රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව PAYE බදු ආදායම මෙන් 18 ගුණයක් – Advocata

 

වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය බැංකුවලින් මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ලබාගත් ණයවලින් බව ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි.

ලංවිම වැනි ආයතන යටිතල පහසුකම් සඳහා ණය ලබාගෙන ඇතත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රීලන්කන් ගුවන් සේවය ණය ලබාගෙන ඇත්තේ පාඩු පියවා ගැනීමටය.

ශ්‍රී ලංකාව 2005 සිට, පෞද්ගලිකකරණය නතර කරන ලද අතර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ෂෙල් ගෑස් ඇතුළු කලින් පෞද්ගලීකරණය කර තිබූ සමාගම් කිහිපයක් නැවත රජයට පවරා ගන්නා ලදී. ඒ අතරින් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පසුව විශාල පාඩුවක් ලැබීය.

“පාඩු ලබන සමාගම් උපයන මුදලට වඩා වැඩි මුදලක් වියදම් කරනවා. පෞද්ගලික සමාගමකට ඒක කරන්න බැහැ. එකම විකල්පය ණය ගැනීම පමණයි. කවුද මේ රාජ්‍ය ආයතනවලට ණය දෙන්නේ? ලංකා බැංකුවයි මහජන බැංකුවයි,” යි ස්වාධීන උපදේශක රවී රත්න සභාපති ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට පැවසීය. පෞද්ගලීකරණයට පෙර රජයට මෙම ණය පවරාගැනීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි

අයිතිය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *