අයි එම් එෆ් – ලෝක බැංකු වාර්ෂික සමුළුව අද ඇරඹෙයි

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ඒකාබද්ධ වාර්ෂික සමුළුව මොරොක්කෝවේ මරකේශ නුවර දී අද ආරම්භ වෙයි .

එය මෙම මස 15 දා දක්වා පැවැත්වීමට නියමිත ය.

ලෝකයේ ණය අර්බුදයට මුහුණ දී සිටින රටවල් ඉන් මුදාගැනීමේ උපායමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත ය. ඒ සඳහා විශේෂ සැසියක් 12 දා ට යොදාගෙන ඇත.

මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකික නියෝජිත පිරිසක් ද සමුළුවට සහභාගී වෙති

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *