බටහිරට රිදුණු ටොක්ක – එස්.එම්. ලියනගේ
වඩාත් හාස්‍යජනක සිදුවීම වන්නේ, මෙතෙක් රනිල් වික්‍රමසිංහ අමෙරිකානු- බටහිර ගැත්තෙකු, ඒජන්තයකු කළ උදවියම අමෙරිකානු – බටහිර කඳවුරේ සුවච කීකරු ගෝලයන් වෙමින් පෙරළා රනිල් වික්‍රමසිංහ විවේචනය කිරීමය. එදා පුළුවන් නම් අමෙරිකාවට වචනයක් කියන්න, බටහිර එකප්‍රතිපත්තියක් විවේචනය කරලා පෙන්නන්න කියූ කටවල්වලින්ම, මේවා පිටවීමය.
“රනිල් කියන්නේ අධිරාජ්‍යවාදී බලවේගවල ගැත්තෙක්” මෙරට බංකොළොත් වම මෙතෙක් රනිල් වික්‍රමසිංහව දේශපාලන වශයෙන් බෞතීස්ම කර තිබුණේ එහෙමය. රනිල්ට එහෙම කියපු බංකොලොත් වම්මු අෙමරිකානු තානාපති පැමිණි විට, එකට සිට ඡායාරූප ගත්තේ පක්ෂ මූලස්ථානයේ තිබූ මාක්ස් – එංගල්ස් ලෙනින්ගේ රාමු කර එල්ලා තිබූ ඡායාරූප ගලවා පැත්තකින් තියලාය.
” රනිල් කියන්නේ අෙමරිකානු හා බටහිර න්‍යාය පත්‍රයට වැඩ කරන දේශීය ඒජන්තයෙක් ”
ඊනියා ජාතිවාදීන් ද මෙතෙක් රනිල් වික්‍රමසිංහව දේශපාලන වශයෙන් බෞතීස්ම කර තිබුණේ එහෙමය. ඊනියා ජාතිවාදීන් රනිල්ට එහෙම කිව්වේ, දරුපවුල් අෙමරිකාව ඇතුළු බටහිර දියුණු රටවල පදිංචියට යවාය. නැත්නම් තමනුත් රහසින් ඒ රටවල පුරවැසිභාවය ලබා සිටින අතරය.
කොහොම නමුත්, රනිල් අධිරාජ්‍යවාදී ගැත්තෙක් කියූ, රනිල් අෙමරිකානු – බටහිර ඒජන්තයෙක් කියූ කාගේ කාගේත් දේශපාලන මනෝ මන්දිර දෙදරා ගියේ ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය විසින් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාව අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ ඍජු අදහස් හමුවේය. තවමත් බංකොලොත් වම්මු වගේම, ඊනියා ජාතිවාදීන් ද ඉන්නේ , සිදු වුණේ කුමක්දැයි කියා හිතාගන්නවත් නොහැකිවය.
ගෝලීය උතුර
වඩාත් හාස්‍යජනක සිදුවීම වන්නේ, මෙතෙක් රනිල් වික්‍රමසිංහ අෙමරිකානු – බටහිර ගැත්තෙකු, ඒජන්තයකු කළ උදවියම අෙමරිකානු – බටහිර කඳවුරේ සුවච කීකරු ගෝලයන් වෙමින් පෙරළා රනිල් වික්‍රමසිංහ විවේචනය කිරීමය. එදා පුළුවන් නම් අෙමරිකාවට වචනයක් කියන්න, බටහිර එක ප්‍රතිපත්තියක් විවේචනය කරලා පෙන්නන්න කියූ කටවල්වලින්ම, මේවා පිටවීමය.
මේ උදවිය හැසිරෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ගෝලීය උතුර” විවේචනය කළ ප්‍රථම අවස්ථාව මේ බව පෙන්වීමටය. එහිදී ජනාධිපති සීමාව ඉක්මවා ගියා කියන්නටය. ඔය ආකාරයට ජනාධිපති රනිල් අඳින ඇඳුමේ සිට භාවිත කළ වචන ඇතුළුව ” සිත නිවන කතා” එමටය. ඒ අස්සේ ඇතැමුන් උත්සාහ කරන්නේ පරණ මාධ්‍ය හමු පෙන්වා, ජනාධිපති රනිල් වික්‍රමසිංහව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය සහ මහින්දට සමාන කරන්නය.
බැලූ බැල්මට මේ සමහර ප්‍රවේශ මාර ප්‍රගතිශීලි බවක් පෙන්නුම් කළත්, මේ සියල්ල සේවය කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපයට හානි කිරීමටය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස්වල අන්තර්ගතය අත්හැර අනෙක් සියල්ල කෙරෙහි අවධානය යොමු කර සිටින්නේ ඒ නිසාය. බොහෝ දෙනෙක් පොතට කලින් පිටකවරය බලන බව ඔවුන් නොදන්නවා නොවේය.
සැබවින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය උතුර විවේචනය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස සහභාගි වූ දේශගුණික – පාරිසරික සමුළුවලදී සංවර්ධිත රටවල් අසීමිත කාර්මීකරණයට දැක්වූ උනන්දුව දේශගුණික විපර්‍යාස සම්බන්ධයෙන් නොදැක්වීම නිර්දය ලෙස විවේචනය කළේය. ගෝලීය උණුසුම ඉහළ යාම ඇතුළුව දේශගුණික විපර්‍යාස හමුවේ ආසියාව සහ අප්‍රිකාව ඇතුළු ලෝකයේ දුප්පත් රටවල් කබලෙන් ලිපට වැටෙන ආකාරය පෙන්වා දුන්නේය. ඔවුන් සතුව ප්‍රමාණවත් අරමුදල් නොමැති බවත් එබැවින් එම රටවලට සිදු වන අලාභ සහ හානි සඳහා වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කළ යුතු බවත් පැවසුවේ ප්‍රසිද්ධියේය.
බලවත් රාජ්‍යයන්ගේ වැරදි
එසේම දේශගුණ විපර්‍යාස සම්බන්ධයෙන් දිගින් දිගටම බලවත් රටවල නොසැලකිලිමත් ප්‍රතිපත්තියක සිටියහොත් අත් වන ඉරණම ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිව්වේ ප්‍රසිද්ධියේය.
එපමණක් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයා ලෙස සහභාගි වූ සෑම ජාත්‍යන්තර හමුවකදීම තම අදහස, යෝජනාව, ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළේය. ඊට ආසන්න උදාහරණ ලෙස පසුගියදා සැප්තැම්බරයේ කියුබාවේ පැවති “G77 සහ චීන සමුළුවේ” දී මෙන්ම පසුව අමෙරිකාවේ නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමේ අවස්ථා දැක්විය හැකිය. එපමණක් නොව ඉන්දියාවේදී ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ “දේශසීමා කැඩුවොත් වෙඩි තියනවා” කිව්වේද මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය.
සැබවින්ම ජර්මනියේ බර්ලින් ගෝලීය සමුළුව අමතමින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බලවත් රාජ්‍යයන්ගේ වැරදි ප්‍රතිපත්ති විවේචනය කළේය. ඉන්දීය සාගරයේ සාමය මෙන්ම ගෝලීය බලවතුන්ගේ බල තරගය විසින් ආසියාවේ අප්‍රිකාවේ රටවලට එල්ල කෙරෙන පීඩනය ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවෘතව අදහස් දැක්වීය.
මේ ආකාරයට පසුගිය කාලයක් තිස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝලීය ප්‍රජාව, එහි රාජ්‍යයන් ලෙස එක්ව සාකච්ඡා කර ඇති කර ගන්නා සම්මුති ඒ ආකාරයට ක්‍රියාත්මක නොවීම, එම වරප්‍රසාදය බලවත් රටවලට තිබීම, ඇතුළු ජාත්‍යන්තරයේ පවා ඇති මේ දෙබිඩි ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේ විවේචනය කළේය.
එසේම දේශගුණික විපර්යාස, ඉන්ධන සහ බලශක්ති අර්බුදය, ණය අර්බුදය, වසංගත රෝ දුක්, ආහාර, පොහොර ඇතුළුව ගෝලීය දකුණ මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග හෙළිදරවු කළේය. එම දුප්පත් පීඩිත රටවල් සම්බන්ධයෙන් ගෝලීය බලවතුන් දක්වන නොසැලකිලිමත් බව, ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට හෝ පොදු වේදිකාවක් නොමැති බව, බලවතුන්ගේ බල තරගය විසින් මේ රටවලට එල්ල කරන පීඩනය ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වූයේ ප්‍රසිද්ධියේමය.
එසේම කවුරු මොන කයිවාරු ගැහුවත්, ක්‍රියාකාරීත්වයේ දී දක්වන දෙබිඩි රංගන හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ” තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වන බව පවා පැවසීය. බටහිර ඊගෝව මේ ඇත්ත ඇති සැටියෙන් පැවසීම නිසා පෑරුණ අතර ජර්මනියේ Deutsche Welle මාධ්‍ය ආයතනය මෙහෙය වූ ඒ සම්මුඛ සාකච්ඡාව පුරා ප්‍රදර්ශනය වූයේ එය නොවේද ?
ජාත්‍යන්තර වේදනාව
සැබවින්ම එම මාධ්‍යවේදියා ඉදිරියේ සිටියේ ශ්‍රී ලංකාව නම්, ආසියාවේ කුඩා දිවයින් රාජ්‍යයක නායකයා නොවේය. ඒ අවස්ථාවේ සිටියේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ රටත් ජනතාවත් එම අාගාධයෙන් ගොඩ ගැනීමේ වගකීම දරා සිටි නායකයාය. එක් පසෙකින් ආර්ථික අර්බුදය ද අනෙක් පසින් රටේ බරපතළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති මොහොතේ පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිව තිබියදී රාජ්‍ය නායකයා ලෙස පාර්ලිමේන්තුව විසින්ම තෝරාගත් නායකයාය. එසේම දේශපාලන අස්ථාවරත්වයක්, ප්‍රචණ්ඩත්වය වෙත ඇදී ගොස් තිබූ අරගලයක් මැද රටේ පාලනය භාරගෙන දින කිහිපයක් ඇතුළත රාජ්‍යයේ නීතිය හා සාමය තහවුරු කළ නායකයාය.
එසේම මාසයක් ගත වෙන විට රටේ ඇතිව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ ආශ්‍රිත පෝලිම් යුගය අවසන් කළ නායකයාය. 70% – 80% ඉක්මවා තිබූ උද්ධමනය වසරක් යන විට තනි අංකයට ගෙනා නායකයාය. සියල්ලට වඩා වැරදි ආර්ථික හා මූල්‍ය කළමනාකරණය මෙන්ම නූතන ණය උගුලේ සාපලත් නිදර්ශනයක් ලෙස ජාත්‍යන්තරය හඳුන්වා තිබූ, වැටෙන ආර්ථිකය නැවත ගොඩගන්න ආකාරය පිළිබඳ පුරෝකථනයක් කිරීමටවත් නොහැකි බවට ජාත්‍යන්තරය වේදනාවෙන් පැවසූ රටේ ආර්ථිකය වසරක් ඉක්ම යන තැන දෙපයින් සිටු වූ නායකයාය.
එවන් නායකයකු වෙතින් ඔහුට අහන්න වෙන ප්‍රශ්න නොතිබුණාම ද කියා අප අසන්නේ නැත. එවැන්නක් ඇසීම මුග්ධය.
එසේම මේ වර්ගයේ මාධ්‍යවේදීන් රාජ්‍ය නායකයකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා පූර්ව සූදානමක් නැතුව එන්නේ නැත. වැඩසටහනේ අසන ප්‍රශ්නයේ සිට එහි අවසානය දක්වා පෙනුම මෙන්ම අඩංගුවත් සැලසුම් කරන්නේ වේලාසනමය.
ඒ අනුව වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා, ආරම්භයේ පටන් ඔහුගේ ආරාධිතයාට, ඉතා බාධාකාරී විය. ප්‍රශ්න උත්තර ලෙස වෙනුවට අනවරත ප්‍රශ්න ක්‍රමයට වැඩසටහන මෙහෙයවීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වන කිසිම අදහසක් පිළිගන්න අවශ්‍ය නැත. නමුත්, ඒ අදහස සම්බන්ධයෙන් අනෙකා මත අවිශ්වාසය ඇති කරවීම කොහෙත්ම අනුමත කළ නොහැකිය. එසේම ජනාධිපතිගේ මතය ප්‍රශ්න කිරීමට හැකි වුවත් එය නිර්දය ලෙස විවේචනය කිරීම පිළිගත නොහැකිය. අවම වශයෙන් ප්‍රශ්නය පවා නිශ්චිත ලෙස ඉදිරිපත් නොකළ අවස්ථා එහි තිබිණ.
ඒ අනුව කිසිම හික්මීමක්, ගෞරවයක් නැති ආකාරයට මාධ්‍යවේදියෙකු, හැසිරෙන විට, කෝට්සූට් ඇන්දත් පිළිතුරු දිය යුතු ක්‍රමයක් ඇත. සැබවින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දක්වා සිටියේ ඒ ආකාරයටය. සරලව කිව්වොත් එම වැඩසටහන ඉලක්ක කර තිබුණේ, ඒ මොහොත වන විට ලෝක බලවතුන් වෙත, විශේෂයෙන් ගෝලීය උතුර වෙත ගොනු කර තිබූ චෝදනා ඉදිරිපත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය කරන මේ කුඩා දූපත් රාජ්‍යය. අපායක් බව කියන්නටය. ප්‍රජාතන්ත්‍රවාදයක් නැති මානව හිමිකම් නොසලකන, රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳගන්න අසමත් රටක් ලෙසය.
බටහිර සුදු ඊගෝව
ශිෂ්ටත්වය අපිට ආවේ බටහිරින් වුවත් අදටත් බටහිර ඇතැම් මනස්වලට ආසියාවේ අප්‍රිකාවේ ජනතාව කල්ලන් පමණය. එනිසා වැඩසටහන ඉලක්ක කර තිබුණේ “අප්සෙට් රටක සෙකන්ඩ් ක්ලාස් කල්ලෙක් ගෝලීය උතුරට ගහන එක සීරියස් ගන්න ඕන නෑ ” වැනි මතයක් එළියට දෙන්නය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරි තැනට වෙඩිල්ල තැබූ බව අප කියන්නේ එනිසාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එතන රැක දුන්නේ මේ රටේ අභිමානය ය. මේ රටේ ව්‍යවස්ථාදායකයේ, විධායකයේ සහ අධිකරණයේ ගෞරවයය. පොදුවේ මෙරට ජනතා පරමාධිපත්‍යය ය. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියෝග කළේ, ආසියාවේ අප්‍රිකාවේ ජනතාව කල්ලන් ලෙස සලකන බටහිර සුදු ඊගෝවටය. නොකියා කිව්වේ, කන්ඩ නැතුව මළත් ඔය ” ඊගෝව ” ඇතුව නම් ගනුදෙනු කරන්න නොඑන ලෙසය.
ඒ කියන්නේ මේ මොහොතේ, මෙරට වම්මුන්ට හිතන්නවත් බැරි තරමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාමාංශික වන බවද? මෙරට ඊනියා දේශ්ප්‍රේමී ජාතිවාදීන්ට හිතන්නවත් බැරි තරමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගැන කැක්කුමක් තියෙන බව නොවේද? මේ සේරටම වඩා ලස්සන සිදුවීම වන්නේ අෙමරිකානු බටහිර ඊගෝවට ටොක්කක් ඇන්න විට, එහෙම මාරාන්තික විරුද්ධවාදීන් රිද්දා ගැනීමය.
ඒ කියන්නේ එළිපිට ඔවුන් ඇමරිකානු බටහිර විරෝධීන් ලෙස රඟපෑවාට ඔවුන් පන්තියටත්, මේ රටටත් වඩා ඇමරිකාවට බටහිරට ප්‍රේම කරන බව? ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපයට ගහන්න, දර්පණ බිඳින්නට පැමිණි උදවියට තමන්ගේම මුහුණ පමණක් දර්පණයෙන් දුටු විට මොනවා හිතෙන්න ඇද්ද?
එස්.එම්. ලියනගේ
දිනමිණ