|

අයි එම් එෆ් එක කොන්දේසියක් හරි වැරදි නම් කියන්න – ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විවෘත අභියෝගයක්

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරිපත්කොට ඇති කොන්දේසි 16 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කමිටු සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කොන්දේසි එකක් හෝ වැරදි නම් කියන්නැයි අද පාර්ලිමේන්තුවේ දී විවෘත අභියෝගයක් කළේ ය.

ජනාධිපතිගේ සිට මැති ඇමැතින් සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීම, දුෂිතයින්ට දඩුවම් කිරීම , බදු විරාම ඉවත් කිරීම , දුෂණ විරෝධී නෙති ශක්තිමත් කිරීම වැනි කොන්දේසි 16 ක් මුල්‍ය අරමුදල රජයට ඉදිරිපත්කොටාති බව කියූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ සියල්ල එකින් එක විස්තර කළේ ය.

ඒ එකක් හෝ වැරදි නම් කියන්නැයි ඒ මහතා සියලු දෙනාට විවෘත අභියෝගයක් කළේ ය.

පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 12 දෙනකු පමණක් බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා කීවේ තම ආණ්ඩුවක් යටතේ මුල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *