ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීන්දුව ලබන සතියේ මොරොක්කෝවේ දී

 

ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ වැදගත් තීන්දුවක් ලබන සතියේ මොරොක්කෝවේ දී ප්‍රකාශයට පත්වනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම මස 9 දා සිට 15 දා දක්වා මොරොක්කෝවේ මරකේෂ් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික ඒකාබද්ධ රැස්වීමේ දී මෙම ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතව ඇතැයි කියති.

බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති සේවය වාර්තා කොට තිබුණේ චීනය හැර අනෙක් ප්‍රධාන ණය හිමියන් තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ප්‍රකාශයට පත් කිරීමට සුදානමින් සිටින බව යි. ඒ සඳහා ඇමෙරිකාව, ජපානය සහ ඉන්දියාව ක්‍රියාත්මක වී සිටින බව ද එම වාර්තාවේ සඳහන් ය.

අයි එම් එෆ් – ලෝක බැංකු හමුවේ දී ලෝකයේ ණය අර්බුදවලට මුහුණ දී ඇති රටවල් ඉන් මුදාගැනීමේ උපායමාර්ග ගැන සාකච්ඡාව ඔක්තෝබර් 12 දාට යොදාගෙන ඇත.

චීනය තම ණය රතිව්‍යුහගත කිරීමේ වෙන ම සැලැස්මක් සඳහා එකඟ වනු ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *