|

ඇඟලුම් අපනයනය පහළ වැටුනත් සමස්ත අපනයන ආදායම ඉහළට

 

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සියයට 20 කින් අඩු වී ඇතත් සමස්ත අපනයන ආදායම අගෝස්තු මාසයේ ඉහළ අගයක් වාර්තා කොට ඇත . එය සටහන් වන්නේ ඩොලර මිලියන 1,119 ක් වශයෙනි. එය මෙම වසරේ මසක් තුළ ලැබූ ඉහළ ම ආදායම යි.

එමෙන් ම විදේශ ප්‍රේෂණ මගින් ඩොලර් මිලියන 499 ක් සහ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 211ක් ද අගෝස්තු මාසයේ මෙරටට ලැබී ඇත.

ඒ අනුව එම මාසයේ සමස්ත විදේශ ආදායම ඩොලර් මිලියන 1,828 ක් වශයෙන් සටහන් වෙයි

ඒ අතර ශ්‍රී ලංකාවේ ආනයන 2023 අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,426 දක්වා ඉහළ ගොස් තිබේ. ජුලි මාසයේ එය සටහන් වී ඇත්තේ ඩොලර් මිලියන 1,388 ක් වශයෙනි.

ආනයන වර්ධනයට ප්‍රධාන ලෙස හේතුවුයේ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය බව මහ බැංකුව කියයි.

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *