අයි එම් එෆ් බදු යෝජනාවලට රජය එකඟ වුණේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

ජනතාව තවත් පීඩාවට පත්වන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාකච්ඡාවල දී ඉදිරිපත් වූ ඇතැම් බදු  යෝජනාවලට රජය එකඟ නොවු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම තමන්ගෙන් විකල්ප යෝජනා ඉල්ලා සිටි බවත්, තම ජර්මනිය බලා පිටත්වීමට පෙර එම යෝජනා ලබා දුන් බව ද ජනාධිපතිතුමා පවසා ඇත.

මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම 27 දාපිටව ගිය බැවින් විකල්ප යෝජනා සාකච්ඡා කිරීමට කාලය නොතිබූ බව කී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේ තවත් සතියක පමණ කාලයක දී ප්‍රශ්නය විසඳෙනු ඇති බව යි.

ශ්‍රී ලංකාවට මුල්‍ය අරමුදල දෙන ණය මුදලේ දෙවැනි වාරිකය නැවතීමක් සිදුකොට නැති බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

ජර්මනියේ “ඩොයිසේ වෙල්ලා” රුපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *