අයි.එම්.එෆ් වාරිකය අහිමිවීම මූල්‍ය පාඩුවට එහාගිය අවාසියක් – මහාචාර්ය ජී. එල්. පීරිස්

 

 

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) දීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය ලැබෙන දිනයක් පිළිබඳව ඉඟියක් හෝ නොමැතිව කල්දැමීම මෙරටට ලැබූ ද්විත්ව ආකාරයේ මහා පාරමාණයේ අවාසියක් බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.

නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍යහමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

මෙම කල්දැමමීමත් සමඟ රටට අතිවිශාල මූල්‍ය පාඩුවක් සමඟ එයටත් වඩා අතිවිශාල පාඩුවක් වන බවත් එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනයක සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුමත් සමඟ ගොඩනැගී තිබූ විශ්වාසය බිඳවැටීම රටට අති විශාල පාඩුවක් බවත් ඒ මහතා කීය.

දෙවැනි වාරිකය ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 330 ක් අහිවීම මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ස්ථිර ගිවිසමක් අස්සන් කර එය ක්‍රියාත්මක වීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගොඩනැගෙන විශ්වාසය අහිමිවීම මූල්‍ය පාඩුවටත් වඩා බරපතල බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ මෙරටට ආයෝජකයන් පැමිණීමේදී අයි.එම්.එෆ්. ගිවිසමක් තිබීම වඩාත් වැඳගත් බව ද සඳහන් කළේය.

බංකොළොත් රටට යැයි තෙවැනි පාර්ශවයක් නොව අපේ රටේම මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා පිළිගත් තත්වයක් තුළ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ගැනීමට අයි.එම්.එෆ්. ගිවිසම ඉහත් ශක්තියක්ව තිබූ බවත් ආයෝජකයන් අපේ රටට එනවාද නැද්ද යන තීරණය කිරීමේ එවැනි ජාත්‍යන්තර ගිවිසුමක් තිබීම ලොකු රුකුලක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.

(යොහාන් භාසුර)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *