|

සියයට 70 ට ගිය උද්ධමනය 1.3 ට බසී

 

පසුගිය වසර මැද වන විට සියයට 70 දක්වා ඉහළ ගොස් තිබු ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට 1.3 දක්වා පහත වැටී ඇති බව නවතම වාර්තා පෙන්නුම් කරයි.

එම තොරතුරු ඇතුළත්  කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනයේ නවතම වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (27) නිකුත් කර ඇත.

ඊට අනුව, අගෝස්තු මාසයේ දී වාර්තා වූ 4%ට සාපේක්ෂ ව සැප්තැම්බරයේ දී උද්ධමනය 1.3% දක්වා පහත වැටී තිබේ.

පසුගිය වසරේ මෙම සංඛ්‍යාව සියයට 70 ආසන්නය දක්වා ඉහළ ගොස් තිබිණි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සටහන් වූ සියයට ඍණ 4.8ක සිට සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 5.2 දක්වා තවදුරටත් පහත වැටී තිබීම විශේෂත්වයකි.

අගෝස්තු මාසයේ දී 8.7%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී පහත වැටී ඇත්තේ 4.7%ක් ලෙසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *