|

චීනය නැතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟත්වයක්

චීනයේ සහභාගීත්වයෙන් තොරව ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට අනෙකුත් නිල ණයහිමියන් සූදානමින් සිටින බව ලොව ප්‍රකට  බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කොට ඇත.

ඒ සඳහා අවශ්‍ය එකඟතාවයට පැමිණීමට එම අනෙකුත් පාර්ශ්ව බලාපොරොත්තුවෙන් සිටින බව එම වාර්තාවේ දැක්වෙයි.

ඒ සම්බන්ධයෙන් අමෙරිකාව, ජපානය සහ ඉන්දියාව පෙරමුණ ගෙන කටයුතු කරන බවත් අදාළ එකඟතාවයට ලබන මස මොරොක්කෝවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී අත්සන් තැබීමට ප්‍රධාන ණයගැතියන්ගේ කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටින බවත් බ්ලුම්බර්ග් වාර්තාවේ  සඳහන් ය.

පසුගිය වසරේ අගවන විට ශ්‍රී ලංකාවේ බාහිර ණය වලින් 10%ක් පමණ චීනය සතු වූ අතර ඔවුන් වෙනම ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම්කර ඇති බවත් අදාළ පුවත් වාර්තාවෙහි දැක්වෙයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *