|

ආදායමෙන් සියයට 86 ට ගිය රජයේ සේවක වැටුප් බිල සියයට 55 ට බස්සයි

 

 

 

ගෝටාභය රාජපක්ෂ ජනාධිපති පාලනය යටතේ 2020 වර්ෂයේ රජයේ ආදායමෙන් සියයට 86 ක් දක්වා ඉහළ ගොස් තිබු රාජ්‍ය සේවක වැටුප් සදහා වියදම මේ වසරේ මුල් මස හතරේ දී සියයට 55 දක්වා අඩු කරගන්නට රජය සමත් වී ඈති බව මහා බැංකු මුල්‍ය වාර්තා මගින් හෙළිදරව් වී තිබේ.

2023 අප්‍රේල් දක්වා කාලය තුළ වැටුප් වියදම සටහන් වී ඇත්තේ රජයේ ආදායමෙන් සියයට 55.11 ක් වශයෙනි.

2018 දී සියයට 47.95 ක් සහ 2019 දී  52.69 ක් ලෙස සටහන් වූ මෙම වියදම 2020 වසරේ දී රජයේ ආදායමෙන් සියයට 86.74 ක් දක්වා ඉහළ ගියේ ය. 2021 දී එය සටහන් වුයේ 85.94 ක් වශයෙනි.

මෙම වැඩිවීමට හේතු වුයේ රජය සේවක වැඩුප් වැඩිවීම නොව අලුතින් බම්දවගනීම සහ බදු සහන දී රජයේ ආදායම් අහිමි කර ගැනීම යි.

2022 මැද සිට ක්‍රියාත්මක වූ ආදායම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති නිසා එම වසරේ මෙම අගය සටහන් වී ඇත්තේ සියයට 72.25 ක් වශයෙනි .

මෙම වසරේ මුල් මස හතර වන විට එය සියයට 55.11 දක්වා පහත වැටී ඇත.

කෙසේ වෙතත්, මෙය ද්රටට ඔරොත්තු නොදෙන මට්ටමක් බවත්, රටේ සංවර්ධනය සඳහා මෙම රාජ්‍ය සේවය විශාල ලෙස අඩුකළ යුතු බවත්, ආර්ථික ශේෂඥයෝ කියති.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *