|

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරණය ලබන මාර්තුවට පෙර ?

 

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන මාර්තු මාසයට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර එකඟත්වයක් ඇතිවනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ සඳහා ණය හිමියන්ගෙන් මේ වනවිට ලැබී තිබෙන එකඟතා දෙපාර්ශවය මෙම ගිවිසුමට එළඹීමට පදනම් වී ඇත.

පොදුවේ එකඟ වන ප්‍රතිපත්තියකට අනුව එක් එක් ණය වෙන වෙන ම සලකා ප්‍රතිව්‍යුහගත කරණය කළ යුතු බැවින් ඒ සඳහා මෙම කාලය ගතවනු ඇති බව කියති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවන වාරිකය අනුමත කිරීම සඳහා 2024 මාසයේ මෙරටට ප්නියෝජිත පිරිසක් පැමිණෙන බවත් එම අවස්ථාව වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය අවසන් කිරීමට හැකි බව ශ්‍රී ලනක බලධාරීන් මුල්‍ය අරමුදලට පවසා ඇති බව ද දැනගන්නට ඇත.

මෙම ප්‍රතිව්‍යුහගත කරණයට ලැබී ඇති විදෙස් ණය හිමියන්ගේ ප්‍රතිචාර ගැන මුල්‍ය අරමුදල දැනුවත් කළ බවත්, ඒ පිලිබඳ නිල ප්‍රකාශයක් අනිද්දා (27) සිදුකරනු ඇති බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *