රටට අහිතකර විදෙස් ගිවිසුම් අහෝසියි

 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව මෙරට රාජ්‍ය ආයතන විදේශ රටවල් සමග අත්සන් තබා ඇති ගිවිසුම් අධ්‍යයනය කර බලා ඒ අතර රටට අනතුරුදායක ගිවිසුම් ඇත්නම් ඒවා අහෝසි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විටත් එවැනි ගිවිසුම් එකසිය පනහක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරය චීනය සමග අත්සන් කළ ඒවා බව බවද හෙළිවී ඇත.

මෙරට විශ්වවිද්‍යාල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන හා ඇතැම් අමාත්‍යාංශ මෙසේ ගිවිසුම් අත්සන් කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම ගිවිසුම් ප්‍රකාරව විදෙස් රටවල නියෝජිතයන්, අධ්‍යයනයන් සඳහා යැයි කියමින් මෙරටට පැමිණ මාස ගණන් රැඳී සිටීමට නියමිතය.

මින් ඉදිරියට එවැනි ගිවිසුම් ගතවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා අනුමැතිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයටද යොමු කළ යුතු බවට විදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

මෙතෙක් අත්සන් කරන ලද ගිවිසුම් ගැන වෙනමම අධ්‍යයනය කර රටට අහිතකර ගිවිසුම් ඇත්නම් වහාම ඒවායින් ඉවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් ලබා දී තිබේ.

(තිස්ස රවීන්ද්‍ර පෙරේරා)

අරුණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *