මැතිවරණයට භාරදුන් නාමයෝජනා අවලංගුයි

පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එලෙස ඒකමතික එකඟත්වය හිමිවී තිබේ.

එලෙස ඒකමතික එකඟත්වය හිමි වූයේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *