උද්ධමනයේ ලොකු වෙනසක්

උද්ධමනයේ ලොකු වෙනසක්

මෙරට උද්ධමනය තවත් අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වන්නේ 2.1%ක් ලෙසට ය.

ජූලි උද්ධමනය සඳහන් වූයේ 4.6%ක් ලෙසටය.

මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී -5.4%ක් ලෙස දැක්වෙයි. එම අගය ජූලි මාසයේදී -2.5%ක් ලෙස සටහන් වී තිබුණි.

ආර්ථික අර්බුදයත් සමග පසුගිය වසරේ ඉහළ ගොස් තිබූ උද්ධමනයේ අඛණ්ඩ පහළ යාමක් ගතවූ මාස කිහිපය තුළ සිදුවූ අතර පසුගිය ජනවාරි මාසයේ උද්ධමනය වාර්තා වී තිබුණේ සියයට 53.2ක් ලෙසය.

අද දෙරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *