|

කවුරු බලයට ආවත් මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ – ෆ්රෝන්ටියර් රිසර්ච් සාර්ව ආර්ථික අවදානම් අංශයේ ප්‍රධානී චාරු දම්සිංහ

 

 

 

ඉදිරි මැතිවරණයක දී කුමන පක්ෂයක් බලයට පත්වුව ද දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ ආපසු හරවනු නොහැකි වනු ඇති බව ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ සාර්ව ආර්ථික අවදානම් අංශයේ ප්‍රධානී චාරු දම්සිංහ මහතා ප්‍රකාශ කරයි.

මැතිවරණ ප්‍රකාශනවල වෙනත් කුමක් සඳහන් කළ ද , කුමන පොරොන්දු දුන්න ද, ඒවා  අනුව කටයුතු කිරීමට ඉඩක් නොලැබෙන බව ඒ මහතා කියයි. එයට හේතුව නම් මෙවර අප මුහුණ දී සිටින අරබුදය එතරම් බරපතළ වීම යි.

යහපත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට දිගුකාලීන වශයෙන් ආර්ථික වර්ධනයක් අත්කර ගත හැකි වුව ද, කෙටි කාලීන දුෂ්කරතා ඇතිවෙයි. මෙතෙක් මෙරට සිදුවුයේ කෙටිකාලීන දුෂ්කරතා උපයෝගී කරගෙන බලයට පත්වන විපක්ෂ විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ ආපසු හරවනු ලැබීමයි.

මෙවර ද කෙටිකාලීන දුෂ්කරතා උපයෝගී කොටගෙන වෙනත් කුමන හෝ පක්ෂයක් බලයට පත්විය හැකි වුව ද, ඒ කිසිවකුට මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම හැර වෙනත් යමක් කළ නොහැකි වනු ඇත.

දැන් විපක්ෂයේ සිටින කුමන පක්ෂයක් බලයට පත්වුව ද එහි වෙනසක් වීමට ඉඩක් නැත.

වෙනත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකි ආර්ථික පසුබිමක් මේ වන විට මෙරට නැත.

සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සංවිධානය කළ කථිකාව වැඩ සටහනට සහභාගී වෙමින් දම්සිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *