|

මේ වනවිට ඉටුකළ යුතු අයි එම් එෆ් කොන්දේසි 57 කින් 37 ක් සම්පුර්ණයි – වෙරිටේ රිසර්ච් පර්යේෂණ නිලධාරිනී සුරේනි වීරතුංග

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇති කරගත් ගිවිසුම අනුව මේ වනවිට ඉටුකළ යුතු කොන්දේසි 57 කින් 37 ක් ඉටුකොට ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ ජෙෂ්ට පර්යේෂණ නිලධාරිනී සුරේනි වීරතුංග ප්‍රකාශ කරයි.

කොන්දේසි 20 ක් ඉටුකොට නැති හෝ තොරතුරු නැති ලෙස හඳුනාගෙන ඇත.

අයි එම් එෆ් සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි 100 ක් හඳුනාගෙන ඇති අතර එයින් 43 ක් ඉදිරි කාලය හා සම්බන්ධ අතර මේ වන විට ඉටු කළ යුතු සංඛ්‍යාව 57 කි.

ගිවිසුමට එළඹී මුල් මාස දෙකේ කොන්දේසි ඉටු කිරීමේ හොඳ ප්‍රගතියක් දක්නට ලැබුණු නමුත් අවසන් මාස දෙකේ මන්දගාමී බවක් දකින්නට ලැබී ඇත.

කෙසේ වෙතත්, මුල්‍ය අරමුදලින් ලැබෙන ණය මුදලේ දෙවන වාරිකය අනුමත වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

සුරේනි වීරතුංග මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජෙෂ්ට පර්යේෂණ නිලධාරිනියක් ලෙස කටයුතු කොට ඇත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන කථිකාව වැඩ සටහනට සහභාගී වෙමින් එතුමිය මෙම තොරතුරු පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *