චැනල් 4 ගැන ජනාධිපතිගෙන් පරීක්ෂණ කොමිසමක්

 

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  බ්‍රතාන්‍යයේ  චැනල් 4 නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරයකුගේ  ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

මෙය මුලික පරීක්ෂණයක් ලෙස සිදුකරනු ලබන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට නියමිත බව කියති.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට එකඟවීම රටේ ස්වාධිපත්‍යයට හානිකර බව රජයේ අදහස බව ද දැනගන්නාට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *