Channel 4 නරි සහ රාජපක්ෂ වෘකයෝ – රටේ රාළ.

පාස්කු ප්රහාරය සහ ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන වාර්තා වැඩසටහනක් එංගලන්තයේ Channel 4 නාලිකාවෙන් පහුගිය 6 වෙනිදා ලංකාවේ වෙලාවෙන් උදේ 3.35 ට විකාශනය කළා.ඒ හරහා නැවතත් ලසන්ත වික්රමතුංග ඝාතනය සහ පාස්කු ප්රහාරය ගැන ජාතික සහ ජාත්යන්තර වශයෙන් ලොකු සංවාදයක් නිර්මාණය වෙලා තියනවා. මෙතනදී ඉස්සෙල්ලාම Channel 4 නාලිකාව ගැන කතා කරමින්ම වැඩේ පටන් ගන්න රටේ රාළ හිතුනා.
Channel 4 නාලිකාව මේ වගේ ප්රශ්න කතා කරන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවක් කිට්ටු වෙනකොට.ඒකේ අර්ථය මොකද්ද කියලත් හොයන්න ඕනි.සහරාන්ලා පාවිච්චි කරගෙන ගහපු දේශපාලන ගේම් එක වගේම ඒ ගේම් එක පාවිච්චි කරගෙන Channel 4 එක ගහන්න හදන ගේම් එක ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕනි.Channel 4 නාලිකාවටත් දේශපාලන අරමුණක් තියනවා.
ලංකාව අපහසුතාවයට පත්කරන බටහිරි න්යාය පත්රයට අනුව හැසිරෙන මාධ්ය ආයතනයක් තමයි Channel 4 කියන්නේ.ඒක ගැන කිසිම unsure එකක් රටේ රාළට නෑ.අපි හිතමුකෝ Channel 4 මේ වැඩේ කරන්නෙත් ඒ වෙනුවෙන්ම කියලා.එහෙම නං අපි කරන්න ඕනි Channel 4 එක මේ කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරලා පෙන්නන එකයි.එහෙම යුක්ති සහගත මැදිහත්වීමක් මේ සිද්ධි දෙකටම අදාලව අපේ රට පැත්තෙන් සිද්ධවෙලා නෑ.
ඒ වෙනුවට තවත් අපි කර කර ඉන්නේ අර සරත් වීරසේකර තොත්ත බබා කියනවා වගේ අමන මරි මෝඩ ගොං කතා කිය කිය ඉන්න එකයි.සරත් වීරසේකර අහන්නේ සිංහලයෙක් ජනාධිපති කරවන්න මුස්ලිම් තරුණයෝ මරාගෙන මැරෙයිද කියලනේ.ගෝඨාභය බලයට ගෙන්න අවශ්ය පරිසරය හදන්න පාස්කු ප්රහාරය එල්ල කළා කියන සාකච්ඡාව කාලයක් තිස්සේ අපේ රටේ තිබුණ ප්රධාන දේශපාලන මාතෘකාවක්.තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් ඕනිම බලු වැඩක් කරන දේශපාලකයෝ ඉන්න රටක එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරණයි.
බලය ගන්න,නැත්තං බලය පවත්වාගෙන යන්න මේ රටේ පාලකයෝ මොනවද නොකළේ කියලා කියන්නකෝ.ආර්ථික අමාරුකම, ජාතිවාදය,ආගම්වාදය,කුලවාදය, ලිංගිකත්වය,අවලාද,අපහාස මෙකී නොකී හැමදේම පාව්චිචි කළා.මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න බෙදුම්වාදය පාවිචිචි කළා. කොටින්ට කප්පම් දීලා උතුරේ ඡන්ද වර්ජනය මහින්ද කෙරෙවේ නැද්ද?සහරාන් බෝම්බ පුපුරවා ගත්තේ ගෝඨාභය ජනාධිපති කරන්න කියලා කියන්නේ මොන මෝඩයාද?
හැබැයි ඒ අන්තවාදී සිතුවිලි සහිත කණ්ඩායමට වැඩෙන්න අවශ්ය සියලු පහසුකම් සපයලා,පඩිත් ගෙවලා.එයාල ඒ ප්රහාර එල්ල කරන්න ඕනි පරිසරය සමාජීය වශයෙන් හදලා දුන්නට පස්සේ සිද්ධ වෙන්නේ මෙයාලට ඕනිදේ බව නොදන්න සරත් වීරසේකර තොත්ත බබෙක්ම තමයි. සහරාන්ලා බෝම්බ පුපුරවා ගත්තේ ස්වර්ගයට යන්න මිසක් ගෝඨාභය ජනාධිපති කරවන එකඟතාවයෙන් නෙවෙයි.
ඇත්තටම Channel 4 එකෙන් කළේ අපි දන්න මේ කතාව ආය පාරක් ලෝකයට ලොකු හැගීමක් සහිතව බෙදාහරින එකයි.ඒ වාර්තා වැඩ සටහනෙන් කළේ ලෝකයේ ඉන්න බිලියන ගනණක් වුන කිතුණු ජනතාව කම්පනය කරවපු එකයි.දැන් මේක ඉස්සරහා ආණ්ඩුවට නිහඩව ඉන්න බෑ.ලෝකයේ රටවල් ගාණනාවක නායකයෝ,ජාත්යන්තර සංවිධාන ගාණනාවක නායකයෝ මේ Program එක බලන්න ඇති.වතිකානුවේ ඉන්ත පාප් වහන්සේත් බලන්න ඇති.ඇත්තටම මේක දැන් අපට ජාත්යන්තර සාපයක් වෙන එක නවත්තන්න බෑ.
ඒක හැමදාම අපේ රටේ නම ඉස්සරහින් තියෙයි.ඔච්චර රාජ්ය තාන්ත්රික දැනුමක් තියන රනිල්ට මේකේ දිග පළල නොතේරෙන්න විදිහක් නෑ.ඒක නිසා මේකට ආයෙත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පත් කරනවා වගේ ගොං වැඩ කරලා නං හරි යන්නේ නෑ. ඇත්තටම පාස්කු ප්රහාරය සහ ලසන්ත වික්රමතුංග ඝාතනය රාජපක්ෂලා කෙරෙව්වද කියන සාධාරණ සැකය රටේ රාළටත් තියනවා.දැන් ඒ චෝදනාව සනාත කරන්න අවශ්යය සාක්ෂි ටිකක් Channel 4 ඉදිරිපත් කරලා තියනවා.
මතක තියාගන්න දැන් මේ චෝදනාව එල්ල වෙන්නේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂලාට, පිල්ලෙයාන්ට,සුරේෂ් සලේ ඇතුළු කණ්ඩායමට විතරක් නෙවෙයි.මේක දැන් ශ්රී ලංකාවට එල්ල වෙන චෝදනාවක්.මේ චෝදනාව රනිල්ටත් එල්ල වෙනවා.රනිල්ට එල්ල වෙන්නේ අපරාධකාරයෝ රකිනවා කියන චෝදනාව.ඒක නිසා දැන් මේ අපරාධ දෙකට අදාලව ස්වාධීන පරීක්ෂණයකට ඉඩ දෙන්න වෙනවා.සජිත් සහ කාදිනල්තුමා දෙන්නම ඉල්ලන්නේ ජාත්යන්තර පරීක්ෂණයක්.
රටේ රාළ කියන්නේ ජාත්යන්තර පරීක්ෂණයක් කියලා එක රටක පොලිස් කණ්ඩායමකට නං වැඩේ බාරදීලා වැඩක් නෑ.ඒ රටේ තියන රාජ්ය තාන්ත්රික අවශ්යතා එක්ක ඔය පරික්ෂණ සමපාත වෙන්න පුළුවන්.ඒක නිසා ජාත්යන්තර පරීක්ෂණයකට යනවා නම් Interpol එක වගේ එකක් හොඳයි.එහෙමත් නැත්තං අපි ස්වාධීන පරීක්ෂණයක් කරන ගමන් Interpol එකේ සහ එක්සත් ජාතීන්ගේ සහය ගන්න ඕනි.මේක අල්ලන්න පුළුවන් දක්ෂ නිළධාරීන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා.
රාජපක්ෂලා ඒ මිනිස්සුන්ට දස වද දුන්නා. පාස්කු ප්රහාරය වලක්වා ගත්තේ නෑ කියන කාරණාවට මෛත්රිට ඇතුළු කීප දෙනෙකුට දඩුවම් කරලා තියනවා.එයාලට ලොකු වන්දියක් ගෙවන්න වෙලා.හැබැයි පස්කු ප්රහාරය කරවපු මහ මොළකාරයෝ ටික තවමත් යහතින් ඉන්නවා.ඉතින් මේ තියන සාක්ෂි සහ හෙලිකිරීම් මත වහාම පරීක්ෂණයක් පටන් ගන්න පුළුවන්.අර අනුර කියනවා වගේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් කොයි කොලය ඇද්දත් වැටෙන්නට බූරුවෙක් නං එහෙම පාර්ලිමේන්තුවකින් පත් කරන තවත් තේරීම් කාරක සභාවක් මොකටද?
අපේ රටේ රාජ්ය බුද්ධි අංශ ප්රධානියා විදිහට ඉන්න සුරේෂ් සලේට පාස්කු ප්රහාරය පිටිපස්සේ හිටියා කියන චෝදනාව මෙතන තියනවා.දැන් මේ ප්රශ්නය ජාත්යන්තර ප්රශ්නයක් වෙලා.ඒ වගේ වෙලාවක තවදුරටත් සුරේෂ් සලේට බුද්ධි ප්රධානියාගේ වගකීම දරන්න සදාචාරාත්මක අයිතියක් නෑ.ඇත්තටම එයා ඉල්ලා අස්වෙන්න ඕනි.එහෙමත් නැත්තං එයා පරීක්ෂණ ඉවර වෙනකං අයින් කරන්න රනිල්ට ධෛර්යය තියෙන්න ඕනි.මේ ප්රහාරය එල්ල වෙනවා කියලා ඉන්දියානු බුද්ධි අංශවලින් තොරතුරු දුන්න එක ඇත්ත.
ඒ වගේම ඒ තොරතුර මෛත්රිට ගිය නැති බවත් ඇත්ත.එහෙනම් එතනින් පස්සේ මොකද උනේ කියන එක ගැන පරීක්ෂණයක් ක්රියාත්මක වෙන්න ඕනි.හන්සීර් අසාද් මව්ලානා පිල්ලෙයාන් ළඟ හිටපු කොටින්ට විරුද්ධව යුද්ධ කරපු කෙනෙක් බවත් ඇත්ත.ඒ වගේම තවත් ලංකාවේ අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක් උන නිශාන්ත ද සිල්වා,තව නම හෙලි නොකරන රජයේ නිලධාරියෙක් තමයි තොරතුරු සපයන්නේ.ඒ තොරතුරු සහ වාර්තා වැඩසටහනෙන් දෙන්ඩ හදන අදහස අතර ලොකු ගැලපීමක් තියනවා.
ඇත්තටම Channel 4 එකේ මේ ක්රියාවලියට අදාලව තවත් ක්රියා මාර්ගයක් තියෙන්න ඕනි.පාස්කු ප්රහාරයෙන් විදේශිකයෝ හතළිහකට වැඩි ගණනක් මැරුණා.ඒ ඕනි කෙනෙකුටම පුළුවන් නීතිය ඉස්සරහට යන්න.ඒ වගේ ජාත්යන්තර සංවිධාන වලින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලන්න.එතනට තමයි සමහරවිට Channel 4 එක එන්න හදන්නේ.සමහරවිට ඒ හරහා ශ්රී ලංකාව අපහසුව පත් කරන එක එයාලගේ අරමුණ වෙන්න ඇති.ඇත්තටම මේ කළු පැල්ලමෙන් රට නිදහස් කරගන්න,මේ ජාත්යන්තර සාපයෙන් ගැලවෙන්න අපට තියෙන්න එකම එක මාර්ගයයි.
ඒ මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරලා ඇත්ත ඝාතකයෝ හොයා එයාලට දඩුවම් කිරීමයි.රනිල් ඒක නොකර තවදුරටත් ඝාතකයන් ආරක්ෂා කරනවා නම් කවදා හරි යුක්තිය ඉෂ්ඨ වෙන දවසක රනිල් හිටියොත් රනිල්ටත් ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්න වෙනවා.ඇත්තටම පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට සහ අභිරහස් ලෙස සිද්ධවුන දේශපාලන ඝාතනවලට ලක්වුන අයට යුක්තිය ඉෂ්ඨ කරන්න අපිට බැරි නං ලෝකය ඇතුලේ කොන් වෙච්චි ම්ලේච්ඡ ජාතියක් විදිහට තව පරම්පරා ගානක් අපිට ඉන්න සිද්ධ වෙනවා. හෙට උපදින පොඩි එවුන්ටත් රාජපක්ෂලා කරපු අපරාධවලට වන්දි ගෙවන්න වෙන්නේ එහෙම.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *