|

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල පහත වැටීමක්

 

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත.

වත්මන් නිල සංචිත වත්කම්වලට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මෙම කාලය තුළ බන්ගලිදේශයෙන් ගත් ණය මුදලින් ඩොලර් මිලියන 100 ක් ඇතුළු ගෙවීම් ගනාවක් සිදුකොට ඇති බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *